IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ සිට නිවාස අමාත්‍යවරුන් ආරම්භ කළ උදා ගම්මාන 1,255ක පවුල් 34,000ක හිමිකම් ඔප්පු ලබා දීම ලබන වසර මැද වනවිට අවසන් කරන බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතිවල ඉඩම්වල අයිතිය ඇත්තේ විවිධ ආයතන සතුව බවත් මේ වනවිට ඒ ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සිදු වෙමින් පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව කීවෙි  රන්දොර උරුමය නිවාස හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.



අදහස් (4)

ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු

විජිත් Monday, 15 July 2024 04:45 PM

ඡන්ද අල්ලස් !!! ඇයි මේ හදිස්සියේම? පහුගිය කාලෙම නිකම් පුටු රත්කර රත්කර, පිනට කකා ඉඳලා දැන් හදිස්සියේම... කෝල් කළාද? පසුගිය කාලේ තාවකාලිකව නවත්වපු පළාත් පාලන මැතිවරණයට පනවපු මැතිවරණ නීති රීති අවලංගු නැහැ. ඒ බව මැතිවරණ කොමිසම කිහිප වතාවක්ම දැනුම් දුන්නා. ඔය "මුට්ටි අල්ලන" කොන්ද පණනැති සට්ටැඹි නිලධාරින් ටිකක් ප්‍රවේසම් වුනේ නැත්නම් සමහරවිට කූඩුවට යන්නත් පුළුවන්.

:       0       0

Bamunuarachchi Monday, 15 July 2024 05:32 PM

බදියුදීන් රක්ෂිතය කපලා හම්බ සෙට් එකට බෙදපු ඉඩම් වලටත් සින්නක්කර ඔප්පු දෙනවද?

:       0       0

Prabha Monday, 15 July 2024 07:41 PM

දැන් තාත්තට ගේ උගසට තියලා කසිප්පු ගහන්න පුළුවන්

:       1       1

Oppu laabi modaya Tuesday, 16 July 2024 01:10 AM

ෂාාා. නියමයි අපි රනිල්ට තමයි ඡන්දේ දෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site