
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (01) ගොනු කළේය.
හිටපු අමාත්‍යවරයා විසින් ගොනුකොට ඇති මෙම රිට් පෙත්සම උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.
තරුණයකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 25 වන දින මාධ්‍ය හමුවක් පවත්වා ගන්න තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද එහිදී හිටපු කොටි නායකයෙකු විසින් ගොතන ලද ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිරයා අත්අඩංගුවට ගන්නා ලදයි ප්‍රකාශ කරන ලද බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්
ලයන් Tuesday, 02 September 2025 06:56 AM
මේ රටේ ගිනි අවුලවන, ජාතින් අතර බේද බින්න ඇතිකරන , වසංගතයක්. කරුනාකර මේ අපතයා බැද දමන්න
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 08:52 AM
බයිලා ගහන්නේ නැතිව මිනිස්සුන්ගෙන් ගත්තු රුපියල් සීය ආපහු දීල හිටපං
Nishan Thursday, 04 September 2025 04:34 AM
ගම්මන්පිල අත් අඩංගුවට ගත්තත් නැතත් ඔහු හෙලිදරව් කරපු කරුණු ඉතා භයානකයි. ඔහු කියන්නේ සාක්කි ගොතා හෝ තමුන්ගේ හිතවත් සාක්කි කාරයෝ දාලා රණ විරුවන් අත් අඩංගුවට ගන්නවා කියලා. ඒ පිළිඹඳව සමාජය සහ පූජ්‍ය පක්ෂය දැනුවත් කිරීමට විරුද්ද පක්ෂයේ දේශපාලකයන් උනන්දු විය යුතුයි. මොකද ඒ අනුව ආණ්ඩුව අපේ හතුරන්ගේ න්‍යාය පත්‍රයකයට අනුව වැඩ කරන බවක් හැඟෙනවා.