IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂ වල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගෙන් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම සහ ආසන මට්ටමින් සංවිධාන කටයුතු කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටු වලට පැවරේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන මහත්වරු ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල දිස්ත්‍රික් නායකයෝ සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ කාලයක් නයි මුගටි දේශපාලනයේ නිරත වූ අය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක් බවයි.

 



අදහස් (15)

ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක්

ගමේ එකාලා Sunday, 11 August 2024 04:34 PM

කප්පම්කාරයන්ට, හොර දූෂිතයින්ට රනිල් ඉන්න තරමට හොඳා...!

:       17       92

Geeth Meeella Sunday, 11 August 2024 04:54 PM

විවිධ වූ දේශපාලන මතිමතාන්තර සහිත දූෂිත දේශපාලඥයින් තමන්ගේ වැරැදි වසාගෙන නැවතත් බලයට පැමිණීමේ පටු අදහසින් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගත හැකි දූෂිත දේශපාලනඥයෙක් වටාම එකතුවීම රටේ අවාසනාවකි. නමුත් ජනතාව මෙවර නිවැරැදි තීන්දුවක් ලබා දෙනු ඇත...

:       14       86

සෞදි-සිංහ Sunday, 11 August 2024 05:19 PM

මූණවල් ටික දැක්කාම පේනවා නන්නත්තාර වෙලා ඉන්නේ කියලා...!

:       9       39

Kazi Shajahan Sunday, 11 August 2024 05:21 PM

කප්පම් කරුවන් ඉන්නවා, හොරු ඉන්නවා, කොමිස් කාරයෝ ඉන්නවා, පැණි බෙහෙත් කාරයෝ ඉන්නවා. මිනිස්සු මෙයාලාට ඡන්දෙ දෙයිද? දෙනවා නම් ඒ බත් කන හරක් තමයි.

:       10       41

Pradeep Kumara Sunday, 11 August 2024 05:22 PM

ගම්පහින් රනිල් දිනවන්න කොමිස් කාරයෝ, පගා කාරයෝ සුළුතරයක් ඇති, ඒත් අමතක කරන්න එපා එයාව පරද්දන්නත් විශාල පිරිසක් ගම්පහින් බලා ඉන්න බව...!

:       9       35

john Sunday, 11 August 2024 05:31 PM

කප්පම්කාරයෝ දැන් එකම වහලක් යටින්...!

:       9       37

ගම්පහ වාසීන් Sunday, 11 August 2024 05:55 PM

රනිල්ට ගම්පහින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවෙනවා...

:       45       15

Nalaka Sunday, 11 August 2024 07:07 PM

සුපිරි සෙට් එක... මොවුන්ට ඡන්දෙ දෙන අය... අනේ මන්දා මේ රටේ අය...!

:       12       32

Rohan Sunday, 11 August 2024 07:26 PM

මොන ගැටේ හරි ගහලා හරි රනිල් තමයි එන්නේ... මිනිස්සුන්ගේ අවාසනාව.! 

:       33       5

Wimal Sunday, 11 August 2024 07:28 PM

මේ අය රට කියන්නේ තම පවුල කියන එකයි. ගමට එන්න නම් බෑ.

:       7       26

Lakmal Sunday, 11 August 2024 09:13 PM

වරෙල්ලා ගෙයින් ගෙට.. එක ගේකට දෙකකට විතරයි යන්න දෙන්නේ.. එතැනින් එහාට පණ බේරාගෙන දිවිල්ලක් තියෙන්නේ...!

:       7       37

බයිටොයියා Sunday, 11 August 2024 09:53 PM

කැට තියල කියන්නම් දේශපාලනයේ තියෙන උපරිම තුරුම්පු ගහල අනිවාර්යෙන් සුත්තරපුංචා ගොඩ යනවා

:       10       3

Nishan Monday, 12 August 2024 04:26 AM

අමුතුවෙන් කමිටු ඕනා නෑ. ජනතාව රනිල් පත් කරන්න තීරණය කරලා ඉවරයි. ජනතාව කැමති නෑ කයිවාරු කාරයන්ට, බෙල්ල කපලා වටේ ගහලා යන අයට කතිරේ ගහලා නිකන් මැරුම් කන්න. ජනතාව දකිනවා බංගලිදේශේ දැන් සිද්ද වෙන දේ. ඒ තත්වෙට යන්න, ඉල්ලගෙන කන්න ජනතාව කැමති නෑ.

:       19       2

Iroshan Monday, 12 August 2024 11:02 AM

මේකා රනිල්ගේ කෙනෙක් හදලා තියෙන්නේ... එයට විරුද්ධ ප්‍රතිචාර වලට ලයික් දානකොට අන්ලයික් ඉබේටම වැටෙනවා. හැම ආයතනයකම කඩේ යන අය ඉන්නවා... කාලකණ්ණි..

:       1       4

wimal Monday, 12 August 2024 11:25 AM

හොරෙන්ම ජනතාව අතරට කෙසේවෙතත් අපේ ගමේ කණු දෙක තුනකට ඉඳලා හිටලා රාත්‍රි කාලයේ එනවා... එළිපිට ගමට එන්න බැහැ. තව හාල් පොල් රත්තරන් බේස්ලට් වැහි පීලි ගොඩක් දුන්නොත් ජහමනයා තීරණය කරාවි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 86 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
2025 මැයි මස 02 84 0

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 394 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 220 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 389 1

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 322 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 418 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 108 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1134 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site