
(මනෝප්‍රිය ගුණසේකර)
සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් මහත්මියට එරෙහි අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නීතීපතිවරයාට අද අවසර දුන්නේය.
නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මීට පෙර අවස්ථාවකදී විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකාරියට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රජයේ නිලධාරියකු වු රහස් පොලිස් නිලධාරියකු අසත්‍ය ප්‍රකාශයක් කරන ලදැයි විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
චෝදනාවට අදාළ 2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය අසළදී සුදුවෑන් රථයකින් පැමිණි පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් බලහත්කාරයෙන් තමා පැහැරගෙන ගොස් රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කොට පසුව මුදා හළ බවට ඇය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇතැයි නීතීපතිවරයා අධිචෝදනා පත්‍රය සමඟ අධිකරණයට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගානියා බැරිස්ටර්ගේ චෝදනා සංශෝධනයට අවසර