(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නාය ගොස් එක් වෙළඳසැල් සේවකයෙකු අතුරුදන් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
අද (19) අලුයම 2 ට පමණ මෙම නාය යාම සිදු ව ඇත.
ගිනිගත්හේන පොලිසිය අසළ ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ නාය ගොස් ඇත.
ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොළ දක්වා මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොළ හරහා ප්‍රධාන මාර්ගයට ධාවනය කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
නායයමට ලක් වූ වෙළඳසැල්වලට අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට ප්‍රථම හඳුනාගෙන එම වෙළඳසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි දැනුම් දී තිබිණි.
අතුරුදහන් වූ සේවකයා සොයා යුද හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.





2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනිගත්හේන වෙළඳසැල් 10ක් නායයයි - අයෙක් අතුරුදන්
amara Friday, 19 July 2019 06:50 AM
මේ නගරය අතිශය අනාරක්ෂිතයි
ShanSaturday, 20 July 2019 02:24 AM
ඔව්. සමහර වෙලාවට පාරේ යන්නත් බයයි වාහනේ හෙලට පෙරළෙයි කියලා. ඒත් මිනිස්සු ඊටත් එහායින් කඩවල් හදාගෙන ඉන්නවා. මම දන්න විදියට කිසිම ආකාරයක අනුමැතියක් නැතිව තමයි ඔවුන් එහෙම කරන්නේ. අන්තිමට ජිවිත වලින් වන්දි ගෙවනවා.