(යොහාන් භාසුර සහ එච්.එම් ධර්මපාල)
අන්තර්ජාලයේ දැන්වීම් පලකර අධික මිලට කාන්තාවන් අලෙවි කරමින් දෙහිවල හීල් වීදියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්, ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු කාන්තාවන් හත් දෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් විය.
එය පවත්වාගෙන ගිය නාරාහේන්පිට පදිංචි එහි කළමණාකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
මාසයක පමණ කාලයක් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් අන්තර්ජාලය මගින් ඇනවුම් කරන පුද්ලයින් වෙත සේවා ලබාදී ඇති බවත් රුපියල් 10,000 ත් 30,000 ත් අතර මිල ගණන් වලට මෙහි කාන්තාවන් අලෙවි වී ඇති බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා වැල්ලවත්ත සහ පානදුර ප්‍රදේශවල පදිංචි වයස 23 සහ 39 වයස්වල පසුවන අතර ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනා වයස අවුරුදු 20-40 වයස්වල පසුවන්නන් බවත් පොලිසිය පවසයි.
එම කාන්තාවෝ සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ නිරතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7ක් අත්අඩංගුවට
FAIROOS Tuesday, 07 September 2021 04:36 PM
ලංකාවේ මිනිස්සු ළඟ මේවට සල්ලි තියෙනවද?
ShanWednesday, 08 September 2021 01:54 AM
ලංකාවේ ඉන්නේ දුප්පත් පොහොසත්තු. ආහාර සඳහා මුදල් නැත, නමුත් අනෙක් සියල්ල සඳහා මුදල් ඇත.