(සුමිත් ප්‍රේමතිලක )
පානදුර , පින්වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් , තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පින්වත්ත , උපෝසතාරාම පාරේ පදිංචිව සිටී සුනිල් රංජිත් සිල්වා නමැති 53 හැවිරිදි ත්‍රීරෝද රථ රැකියාවේ නියැලී සිටි තිදරු පියෙකු බවත් සුළු තුවාල ලබා ඇත්තේ ඔහුගේ මස්සිනා බවත් පොලීසිය කියයි
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් ඊයේ (18) රත්‍රී ඝාතනය සිදුව ඇති අතර , ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් සිටින පුද්ගලයා සොයා මෙහෙයුම් කරන බව පොලිසිය කියයි .
මියගොස් ඇති පුද්ගලයාගේ හිසට සිදුවූ බරපතල කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඒ වන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් පොලිසිය කියයි .
මෘත දේහය පානදුර මූලික මුලික රෝහලේ තැන්පත් කර තිබේ. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගැටුමකින් අයෙක් මරුට