IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ගංජා සමග ඇල්ලු එස්.එස්.පී. රඳවා ප්‍රශ්න කරන්න අවසර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, නයනජිව බන්ඩාර සහ කේෂර ගුණතිලක)

නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝ 23ක් සන්තකයේ තබාගැනිම සමිබන්ධයෙන්, අත්අඩංගුවට ගත් මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේරත් බණ්ඩාරලාගේ සුනිල් ශාන්ත සිසිල කුමාර මහතා ඇතුලු සැකකරුවන් සය දෙනා  ජනවාරි මස 13දා තෙක් රදාවා ප්‍රශ්න කිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින්ට අවසර දුන්නාය.

මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබාදුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමොන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු මහේස්ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලිම සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු සැකකරුවන් පිරිස පස්සර පොලිස්ථානයේ රදවා ප්‍රශ්න කිරීමට නියමිතය.

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු සැකකරුවන් සය දෙනා නිදන් කැණිමක් සමිබන්ධයෙන් සැකපිට ඊයේ පස්වරැවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කදවුරේ විශේෂ පොලිස් කන්ඩායමක් විසිනි.

සැකකරුවන් පිරිස මොණරාගල ව්‍යාපාරිකයකුට අයත්, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථකින් කුඹුකන ප්‍රදේශයේ සිට මොණරාගල දෙසට පැමිනෙමින් සිටියදි කුඹුකන වෙල්ලචිචිකඩේ ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් නවතා පරික්ෂාකර ඇතත් සැකකටයුතු කිසිවක් හමු වී නැත.   පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මොණරාගල නිළ නිවස පරික්ෂා කිරිමේදි එහි සිවිලිමක් උඩ සගවා තිබු තරමක් වියලි ගංජා කිලෝග්‍රෑමි 23ක් සොයා ගැනිමට මෙම වැටලිම සිදුකල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිස සමත්ව ඇත.

 

 



අදහස් (8)

ගංජා සමග ඇල්ලු එස්.එස්.පී. රඳවා ප්‍රශ්න කරන්න අවසර

Saman Monday, 09 January 2023 08:55 PM

එස්එස්පී සිසිල කුමාර ගංජා කිලෝ 20 ක් සමග එස්ටීඑෆ් එකට අතේ මාට්ටු..! -LeN ආරක්ෂක වාර්තාකරු (ලංකා ඊ නිව්ස් -2023.ජන.08, ප.ව.11.00) මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ. STF නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකිරීමට පිරිස ගොස් ඇත්තේ බුත්තල එස්ටීඑෆ් කඳවුරේ සිට ය. ඔත්තුව කිරි ගහට ඇන්නා සේ එස්එස්පී සිසිල කුමාර හේරත් බඩුත් සමග අත් අඩංගුවට පත් වී තිබේ.

:       0       11

APerera Tuesday, 10 January 2023 07:49 AM

අනේ මෙයා ලඟ මොකුත් නරක දෙයක් තිබිලා නැහැ. තිබුනෙ ත්‍රයිලෝක විජය පත්‍ර ටිකක්. බුදුහාමුදුරුවොත් පාවිච්චි කලා කියලා ත්‍රයිලෝක විජය පත්‍ර රැජ්න (ගංජ ගහපු වෙලාවක වෙන්ටැ මයෙ හිතේ) කියලා තිබුනනෙ. නිදොස් කොට නිදහස් කරලා දාන්න.

:       0       2

Perera Tuesday, 10 January 2023 07:54 AM

ඔය අයිස් කන්දේ තුඩුව විතරයි .ශ්‍රීලංකා පොලිසිය කියන්නේ උඩ ඉඳන් පහලට දූෂිත ආයතනයක්

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 10 January 2023 08:48 AM

Ceylon Police ලාංඡනය වර්තමානයේ ඉවත්ව ඇත.අද ධර්ම චක්‍ර ලාංඡනය දෙවුරේ පැළඳුවත්,පොලීසිය හොඳටම විනය පිරිහුණු මට්ටමක ඇතැයි කිවහොත් කිසිවෙකු උරණ නොවනු ඇත.මේ විනය පිරිහීමට දේශපාලකයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට පුලුවන්ද ? පොලීසියේ අණට ජනතාව ගරුකරාවිද ? ඒ නිසා වහාම මේ රටේ බුද්ධිමතුන් හා ක්‍රියාකාරීන් කිසිදු දේශපාලනයකට ගැති නොවෙන වීනයක් ගරුත්වයක් ඇති පොලීසියක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

:       0       4

එමි එමි Tuesday, 10 January 2023 08:52 AM

ඔය ඇල්ලුවට තව ටික දවසකින් කියයි තරහ කාරයෙක් කරපු වැඩක් හින්ද ස්ථාන මාරැවක් ලබාදි නැවත රාජකාරියේ යෙදවිව කියල එච්චරයි මොකද අපේ රටෙි නිතිය එහෙමනෙ වෙන්නෙ

:       0       4

vira Tuesday, 10 January 2023 10:01 AM

මුන්ට මහත්වරු කියන්න එා

:       0       2

Bunny Preena Tuesday, 10 January 2023 11:08 AM

1970 වෙන් පස්සෙ පොලීසිවල කීර්තිනාමය බින්දුවටම බැහැලා තියෙන්නෙ දේශපාලන ඇගිලි ගැසීම් නිසා

:       0       2

Senarath Tuesday, 10 January 2023 12:36 PM

මෙක පොඩි නිලදාරියෙක් කලානම් ඔහුට කියක් හරි සොයගන්න කලා කියල හිතන්න පුලුවන්. එත් මෙ වගෙ නිලදාරියෙක් කරා කිවුවම අපි කොහොමද පොලිසි විස්වාස කරන්නෙ ? ඉතාම නින්දිත වැඩක්. මෙ තරම් පහත් තත්වෙට වැටුනු නිලදාරියෙකුට කිසිම සමාවක් දෙන්න බැහ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 290 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 360 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 199 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 316 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 52 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 571 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site