
(යොහාන් භාසුර)
බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍රදේශවාසී පාසල් දරුවන්ට පොත් කට්ටල ද, අද (16) ප්‍රදානය කළේය.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරින්ඳේ අස්සජී නාහිමියන්ගේ සංවිධානයෙන් පැවැති මෙහිදී ගැබිණි මව්වරු 100 කට සහ දරුවන් 100 කට වියළි ආහාර සහ පාසල් උපකරණ ප්‍රදානය කළහ.
කේරළ සිට පැමිණි බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි මෝරන් මෝර් සැමුවෙල් කියෝපිලස් මෙට්‍රපොලිටන් සහ ඇමෙරිකාවේ සිට පැමිණි ඩැනියෙල් මෝර් තිමෝතියස් අගරදගුරුහිමිපාණන් ඇතුළු හිමිපාණන් කණ්ඩායමක් මෙම ප්‍රදානයට සහභාගි වූහ.
බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි කොළඹ පරිපාලන පියතුමන් වන කල්්‍යණප්‍රිය පියතුමෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය:
මෝරන් මෝර් සැමුවෙල් කියෝපිලස් මෙට්‍රපොලිටන් පියතුමන් ගැබිණි මවකට වියළි ආහාර සහ උපකරණ පිරිනැමූ අවස්ථාව. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරින්ඳේ අස්සජී නාහිමියෝ ද මෙහි වෙති.
(ඡායාරූපය: ඉසුරු පෙරේරා)



COMMENTS
වැඩේ නරක නෑ. ඒත් මේ අන්‍යාගමිකයන් හිස් මුදුනින් පිලිගනිද්දි ඔවුන්ගේ අවසන් අරමුණ ගැන ගංගාරාමය සොයලා බලනවද. කැලේ ගහක් කපන්න ගන්නේ තවත් කැළේ ගසක්ම තමයි කියලා අපේ හාමුදුරුවරුන් සිතන්න ඕනෑ.