IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 6ක ’’කුෂ්’’ කටුනායකින් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, පිට කර ගෙන යමින් තිබූ රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සහ ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුධ  හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

අනෙක් ගුවන් මගියා අම්පාර , මහඔය ප්‍රදේශයේ පදිංචි , රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවකි .

ඔවුන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද උදෑසන 10.45ට පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම '' කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සගවා ගෙන තිබී ඇත .

මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .



අදහස් (0)

කෝටි 6ක ’’කුෂ්’’ කටුනායකින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site