
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකරු සමඟ කිලෝ 33 කට අධික මත් කුඩු තොගයක් පොලිස් බාරයටගෙන ඇත.
මාතර ,දික්වැල්ල, ඌරුගමුව ,රදම්පොළ ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී සැකකරුගේ නිවසේ රහසිගත කාමරයක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම මත්ද්‍රව්‍ය ඇසුරුම් විසි නවයක විවිධ ලාංඡන සහිතව සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.