(ටී.කේ.ජී.කපිල )

රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂ අනූ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන එමින් සිටි විදේශීය ගුවන් මගීන් යුවළක්  කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා එරට පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන්නෙකි . 29 හැවිරිදි ඔහුගේ බිරිඳ තවමත් රැකියාවක් සොයමින් සිටින්නියකි.

තායිලන්තයේ බැංකොක් නුවර සිට මේවා රැගෙනවිත් ඇත.අ

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.