
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම පුද්ගලයා තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන තම ගෝලයකු වන බව පොලිසිය සඳහන් කරයි.
හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රන් මල්ලී දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් කීපදෙනා අතුරින් අයෙක් බවද පොලීසිය පවසයි.
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ කිරි වවුල තෝරා යාය ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් (16) වෙනි දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රියදුරු අසුන යට බෑගයක තිබූ රුපියල් දෙකෝටි 35 ලක්ෂයක මුදලක් සහ මැණික් පාෂාණ කොටස් 35 ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් සමත් විය.
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පදිංචිව සිටි අංගමුව නිවසේ සේප්පුවක් තුළ බහා තිබූ රුපියල් විසිපන් කෝටි අනූඅට ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාට්ටු වෙලා තියෙන්නේ පුද්ගලයාගේ නම විතරයි ද....?