(සුසිල් ප්‍රියන්ත)

කොස්ගොඩ අද (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.

මේ මත් කුඩු ළඟ තබා ගත් තරුණයන් දෙදෙනාම කොස්ගොඩ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

කොස්ගොඩින් මෙතෙක් ඇල්ලූ වැඩිම වටිනාකමක් ඇති මත් කුඩු තොගය මේ බව කොස්ගොඩ පොලීසිය කියයි.

කොස්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපිට මාර්ගයේ පොලීසියට මීටර් හාරපන්සියයක දුරක නිවසක තිබී මේ මත් සොගෙන ඇත.

මේ මත් කුඩු තොගය සහ එය ළග තබාගෙන සිටි සැකකාර තරුණයන් දෙදෙනා  වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව තිබිණ.