
(යොහාන් භාසුර)
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd