IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොස්තාපල්වරයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

(ගයාන් සූරියආරච්චි)

කොළඹ 02, හුණුපිටිය හරස් පාරේදී අද (13) අලුයම 2.45 ට පමණ   සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු  පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

එම පහරදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම කොස්තාපල්වරයා සේවය නිමවා නිවෙස බලා යමින් සිටියදී  සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයකු පිළිබදව සැක සිතී ඔහු පසුපස ගමින් කිරීමෙන් අනතුරුව හුණුපිටිය හරස් පාර ප්‍රදේශයේදී සැකකරු අල්ලා තමන් පොලිස් නිලධාරියකු බව පවසා තොරතුරු විමසා පරීක්ෂා කිරීමට යාමේදී  තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී තුවාල ලැබූ කොස්තාපල්වරයා සැත්කමකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයකු මාර්ගයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසි කියයි.

කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනෙරත් මහතාගේ මෙහෙයවීම මත කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

කොස්තාපල්වරයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 125 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site