
(රොමේෂ් මධූෂංක)
කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයකට මගීන් අධික ලෙස පටවා ගැනීම හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගීන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්තා වෙයි.
අදාළ පෞද්ගලික බස්රථය කිලිනොච්චිය සිට මුහමාලෙයි දක්වා ඊයේ (28) දින ධාවනය කර ඇති අතර එහිදී බස් රථයට මගීන් පටවාගෙන ඇත්තේ මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්කර ගනිමිනි.
එහිදී මගීන් බස්රථයේ අධික ලෙස පටවාගෙන යාම හේතුවෙන් කොන්දොස්තර වරයාට මගීන්ගෙන් මුදල් ලබාගැනීමටද නොහැකි වීම නිසා කොන්දොස්තරවරයා බස්රථයේ සීට් උඩින් ගමන් කිරීමට පියවර ගෙන ඇත.
කොන්දොස්තරවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් සීට්වල සිටි මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතරම මගින් විසින් චෝදනා කර ඇත්තේ අධික ලෙසින් මගීන් පෞද්ගලික බස් රථවලට පැටවීම මගින් අනතුරු අවධානමක්ද පවතින් හෙයින් වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික ලෙස පටවනවා කියන්නේ බලෙන් ඇදලා දාගන්නේ නෑනේ. ජනතාව දැකගන්න ඕනෑ අධික සෙනඟනම් නොනැග ඉන්න...
122 මාර්ගයේ වික්‍රමරත්නගේ බසයේ කොන්දොස්තරත් ඔහොම කියලා බොහෝ දෙනෙක් කියනවා...
හිටපු සහ දැනට සිටින පාලකයින් ජාතියේ අභිමානය කියමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නමැති මකර කටට වසරකට රුපියල් බිලියන සියගණනක් විසිකරනවා.. පුරවැසියෝ ලොරි බොඩි බස් එකේ පොල් පැටෙව්වා වගේ තද වෙලා අපා දුක විඳිමින් ගමන් කරනවා. නරකද ඔය ශ්‍රී ලන්කන් කෙහෙල්මල වහලා දමලා වාර්ෂිකව එහි පාඩු පියවන්න දෙන මුදල් වලින් මිනිස්සුන්ට ගමනක් යන්න ලොරි බොඩි බස් ටිකක්වත් ගෙනැත් දුන්නා නම් ලංගමට...?
අපිට ඕවා අදාළ නැහැ. මගේ වාහනේ නැග්ගා... මගේ ගමන ගියා...
රම්බොඩ දුෂ්කර පළාත්වල කොළඹ මෙන් විනාඩි 5 න් 5 ට බස් එන්නේ නැත සමහරවිට බසයක් එන්නේ පැය 2-3 කට වරක් වෙන්න පුළුවන් , මිනිස්සු පව් , පාලකයන් සුඛෝපභෝගී බස් ගැන සුරඟන කතා කියන එක නවතාල වහාම ඉන්දියාවෙන් ලංගමට ලොරි බොඩි බස් 1000 වත් ඇනවුම් කරන්න ඕනේ ඉදිරි වසර 2-3 ප්‍රවාහන ප්‍රශ්නේ යම් පමණකින් වත් සමනය කරන්න අවශ්‍ය නම් නිකන් පාලකයෝ බෙන්ස් එකෙන් BMW එකට මාරු වුනාට ජනතාවට එහෙම කරන්න වත්කමක් නැහැරම්බොඩ දුෂ්කර පළාත්වල කොළඹ මෙන් විනාඩි 5 න් 5 ට බස් එන්නේ නැත සමහරවිට බසයක් එන්නේ පැය 2-3 කට වරක් වෙන්න පුළුවන්.
බස් එක ගිහිල්ලා පැය බාගයට විතර පස්සේ තමා නවත්වන්නේ බස් එක යන්නේ.. මිනිස්සු වේලාවට වැඩට යන්න ඕන නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බස් වලට නගින්නේ.. වැඩියෙන් පැටව්වා කියලා ගාන අඩුකරන්නේ නෑ. මේවාටත් දඩ ගහන්න ඕනෑ..
සමහර මාර්ගවල බස් සේවය බොහොම දුර්වලයි. බස් එකක් එන්නේ පැයකට පාරක්. ඒ පාරවල් වල මිනිස්සු යන්න ඕනේ නිසා හිරවෙලා හරි යන්න බලනවා. ඉතිං බස්කාරයෝ මේවායින් අයුතු ප්‍රයෝජන ගන්නවා.
ඔච්චර ඈත යන්න ඕන නෑනේ උදේකට නගින්න කෝ ගොඩගම පැත්තෙන් 190 පිටකොටුව බස් රථයකට. මෙන්න වෙන දේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ වන 190, ගොඩගම හන්දියට එනකොට සීට් ගන්නට වැඩිය සෙනග පිරිලා. එතැන් සිට ගොඩවන සියලු දෙනාම හිටගෙන. දැන් සෑම නැවතුම් පොලකදීම දොරටු දෙකෙන්ම සෙනග ඇතුලට. දැන් බස් එකේ කොන්දොස්තර පිටිපස්සේ දොරේ සිට ටිකක් කඩාගෙන සෙනග අතරින් ඉදිරිපස දොරටුවට ඇවිත් ඉදිරිපස දොරටුවෙන් ගොඩවූ අයට ටිකට් කඩයි. මේ වනවිට බස්රථය ඊලග නැවතුම් පොළට පැමිණ තිබේ. ආයිත් දොරටු දෙකෙන්ම සෙනග ඇතුලට. කොන්දොස්තර බසයේ ඉස්සරහ දොරින් බැස ගොස් පිටිපස දොරේ එල්ලී නැවතත් කලින් කලාක් මෙන් ටිකට් කඩාගෙන සෙනග අතරින් ඉදිරියට. මෙය චක්‍රයක් වගේ සෑම බස් නැවතුමක දී ම සිදුවන ක්‍රියාවලියකි.
අපේ කරුමේ...!
මම බස් මුදලාලි නොවේ.නමුත් දන්නවා ආදායම නැතිව බස් විකුනපු අය ඉන්නවා.ඒ නිසා යමක් කටට ආ.පලියට කියන්නෙ නැතිව දෙපැත්තම බලල තීරණ ගන්න.
කිලිනොච්චි මුහමලේ කියන්නේ දුෂ්කර ප්‍රදේශ නෙවෙයි. A9 මාර්ගයේ පිහිටි ප්‍රධාන නගරයක්.