
(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන පුද්ගල මල සිරුරක් (02) දින සොයගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරස් කරමින් පානිය ජල ටැංකියට ජලය ලබා ගන්නා අතර, එම ජල පද්ධතිය ඔස්සේ මෙම මල සිරුර ගසාගෙනවිත් ආරක්ෂිත දැලේ සිරුර රැදෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ පුද්ගල මල සිරුරක් රැදි ඇති බවට දැක ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය දැනුවත් කර ඇත.
ආරක්ෂිත දැලේ රැදි තිබි සොයාගත් මල සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි වි ඇති බවත්, සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිලධාරින්ගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජලප්‍රවාහන දෙපාර්තමේතුවල අදාල නිලධාරීන් එම ප්‍රදේශවල ජීවත්වන මහජනයාගේ පානීය ජලයේ තත්වයන් පිළිබඳ දිනපතා පරක්ෂණ පවත්වන්නේ නැතිද?