
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි
සිද්ධියෙන් මිය ගොස්ඇත්තේ ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකි
ටී පනස්හය වරගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් හතරක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි
කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
අර ගල්කිස්ස පොලීසියේ රාලාහාමි උස්සපු T56න් ද වෙඩි තියලා තියෙන්නේ?
මරණය යනු හුදෙක් මෙම ජීවිතයේ කෙලවර පමණි..