IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කුසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන වූ කේට් අතුරුදන් බවට රාවයක් පැතිර යෑමත් සමඟය.

42 හැවිරිදි කේට් යහතින් සිටිනවා යැයි පවසමින් විලියම් කුමරු මැදිහත් වී, පසුගිය දිනෙක, කේට් දරුවන් තිදෙනා සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ නමුත් පසුව අනාවරණය වූයේ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, පරිගණකයෙන් සකස් කරන ලද්දක් බවත්ය.
මේ අතර විලියම් කුමරු කේට් කුමරියගේ මිතුරියක වන රෝස් හැන්බරි සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ද රාවයක් පැතිර ගියේය.

රෝස් හැන්බරි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තමන්ගේ සහ විලියම් කුමරුන්ගේ එවැනි සම්බන්ධයක් නැති බවය.

කේට් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමඟ හෙයිඩි ඒගන් නමැති ඉතාලි ජාතික යුවතිය ගැන ද ලොව කාගේත් අවධානය යොමු වී ඇත. හෙයිඩි ඒගන් කේට් කුමරියගේ පෙනමට බෙහෙවින් සමාන යුවතියකි. ඇය කේට් කුමරියගේ අනුකරණය ලෙස ප්‍රසිද්ධිය පත් වී සිටින්නීය.

2012 වසරේ හෙයිඩි ඒගන් ඉතාලි අවන්හලක සේවිකාවක ලෙස රැජිකාව කරමින් සිටියාය. අවන්හලට පැමිණෙන සියලු දෙනා ඇය කේට් මිඞ්ල්ටන්ට සමාන කරද්දී, ඇය නිරූපණ සහ රංගන ක්ෂේත්‍රයේ ඒජන්තවරුන් සමඟ සම්බන්ධ වී, අවන්හලේ රැකියාව අතහැර කේට් මිඩ්ල්ටන් අනුකරණයට යොමු වූ බව පැවැසෙයි. ඒ, වසර කීපයක් සැබෑ කේට් මිඩ්ල්ටන් සහ ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරුන් ඡායාරූපවලින් සහ වීඩියෝ දසුන්වලින් මනා ලෙස අධ්‍යයනය කරමිණි.

ආන්දෝලනයක් ඇති කළ එම ඡායාරූපය ...

අද වනවිට හෙයිඩි ඒගන් වෘත්තීය මට්ටමින් කේට් මිඩ්ල්ටන්ගේ නිල අනුකරණය බවට පත් වී සිටින්නීය. ඇය කේට් මිඩ්ල්ටන් ලෙස සාදවලටත්, විවිධ උත්සවවලටත් සහභාගී වන්නීය.

හෙයිඩි ඒගන් කේට් මිඩ්ල්ටන්ගේ අනුකරණය කරමින්, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, චීනයේ සංචාරවල ද නියැලී ඇත. හෙයිඩි ඒගන් මෙම සංචාරවල නියැලනේනේ සයිමන් වොට්කින්සන් නමැති නිරූපණ ශිල්පියා සමඟය. මොහු පෙනුමින් විලියම් කුමරුන්ට යම්තාක් දුරකට සමානය. හෙයිඩි ඒගන් දෙදරු මවක වන අතර ඇගේ සැමියා රසන් ඒගන්ය. රසල් වෘත්තීය චිත්‍ර ශිල්පියෙකි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’

ඔබේ අදහස් එවන්න

දියත

‘නිදහස් පක්ෂයේ නියම හිමිකරුවන් අධිකරණයෙන් තීන්දු කළ යුතුයි‘
2024 අප්‍රේල් මස 28 8 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානා


හන්තානේ ගණිකා මඩමක් වටලයි
2024 අප්‍රේල් මස 28 301 0

හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරා


අගමන විගමන නිලධාරීන් භාරයේ සිටියදී පලා ගිය ඊජිප්තු ජාතිකයා කොටුවෙයි
2024 අප්‍රේල් මස 28 297 0

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැ


නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 28 269 0

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක


රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ
2024 අප්‍රේල් මස 28 459 0

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට තද වැසි
2024 අප්‍රේල් මස 28 59 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 361 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1756 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site