IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


‘ පක්ෂයේ නියම හිමිකරුවන් අධිකරණයෙන් තීන්දු කළ යුතුයි‘

( ෂේන් සෙනෙවිරත්න )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ .

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක්  මල්වතු මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පක්ෂයේ සැබෑ අයිතිකරුවන් කවුද යන ප්‍රශ්නය නිරාකරණය කරගත යුතුව තිබෙන්නේ අධිකරණය මගින් පමණක් බවයි .

පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන බැවින් අධිකරණය මගින් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි ද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය .

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ වෙනම දේශපාලන පක්ෂයක් සමග ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙන බවයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයන් 116 දෙනෙකු ඒකමතිකව වැඩ බලන සභාපති ලෙස තමන්ම තෝරාගත් බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒකපාර්ශවීය ලෙස ගොස්  අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වාරණ නියෝගයක් ලබාදී තිබෙන බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද පැවසීය .

සැඟවුණු න්‍යාය පත්‍ර හා යටි අරමුණු තිබෙන කණ්ඩායමක් විසින් විවිධ සැලසුම් සකස් කරමින් තිබෙන බව අවධාරණය කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගනු ලබන්නේ බහුතර කැමැත්ත මත පමණක් කියයිද පැවසීය .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .



අදහස් (7)

‘ පක්ෂයේ නියම හිමිකරුවන් අධිකරණයෙන් තීන්දු කළ යුතුයි‘

නිහාල් Monday, 29 April 2024 11:46 AM

ජනතාවට නම් කිසි ප්‍රශ්නයක් නෑ. මිනිස්සුන්ට ඕවා ගාණක්වත් නෑ...!

:       2       18

Kazi Shajahan Monday, 29 April 2024 12:17 PM

අනේ අපේ හාමුදුරුවනේ ජනතාවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ,ඕක තිබුනත් එකයි ,ඕක කෙලවෙලා ගියත් එකයි .ඔය පක්ෂේ දැන් රටට වැඩක් නැහැ ,ඕකත් අන්තිමට රනිල් සරණ යන පක්ෂයක්

:       0       14

සත්‍යපාල Monday, 29 April 2024 12:32 PM

දැනට සිටින පැරැණිතම සාමාජිකයින්ට පක්ෂයේ අයිතිය තියෙනවා නම් හොඳයි... සාමාජිකත්වයේ ජ්‍යේෂ්ඨත්වය මත මෙතෙක් පක්ෂයෙන් බැහැරව නොගිය අයගෙන් අයිතිය තීරණය කළොත් පක්ෂය වෙනුවෙන් කොට ඇදපු අලින්ටම පෙරහැරේ යන්න පුළුවන් වෙනවා. ඒක සාධාරණයි...!

:       1       4

Hemantha Monday, 29 April 2024 01:09 PM

තනතුරු ගන්න කලින් උන් වහන්සේලා ඉන්නවාද නැද්ද? උපදේශයක් ගත යුතුද? නැද්ද කියලා හොයලා බලන්නේ නැහැ.. කෙලවුණාම පලතුරු වට්ටි අරන් දුවනවා දේවාලේ යනවා වගේ

:       0       9

Hafeel Monday, 29 April 2024 02:01 PM

මේ විජේදාස අනුන්ට ඇඟිල්ල දිගු කරන්නට කලින්, ඔහු දැනගත යුතුයි.. දැන් ඔහු කොහේද, මොන පක්ෂයේද ඉන්නේ කියලා. ඡන්දය ඉල්ලුවේ පොහොට්ටුවෙන්, දැන් නියෝජනය රනිල් පාර්ශවය, ජනාධිපතිවරණයට තරග කරන්න ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මෙයා කියන පරිදි "වෙනම දේශපාලන පක්ෂයක් සමග ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා" කියලා. ඔහුත් ගමන් කරන්නේ හරියටද?

:       0       2

Prabha Monday, 29 April 2024 03:19 PM

මේ රටේ තියන ලොකුම ප්‍රශ්නය තේරුම් ගත් ඔබ වහන්සේට අපේ ප්‍රණාමය

:       1       4

Samansantha Monday, 29 April 2024 07:23 PM

දැන් ඔය නායක හාමුදුරැවො කියල මහ ලොකුවට හිතාගන ඉන්න ඔබ වහන්සේල ඉන්නේ දේශපාලනය කරන්නද බුදු දහම රකින්නද කියන්න ඉස්සරලා ඔය පක්ෂ අපට තිබුනත් එකයි නැතත් එකයි මොනුනු්ද ඔිකෙ ඉන්නෙ රට හදන එවුන් ද හොරා කන්න ආපු උන්. සියලු සැප පහසුකම් සහිතව ඔතනට වෙලා ඉන්නව එහෙමද බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ගමි නියමි ගමි වලට ගිහින් මහජනයාගෙ හිතසුව පිනිස ධර්මය දේශනා කරන්න කියල ඔබ වහන්සේලා ඈත ගමිවල තියන පන්සල් වලට ගිහින් බන කියන්න එතකොට මිනිස්සු එනව නැතුව මෙි රටෙි හොරා කන එවුන්ට උපදෙස් දෙන එකද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි
2024 මැයි මස 12 570 0

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටි


දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක්
2024 මැයි මස 12 183 1

වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි.


වට්ස් අප් වලින් ඉංග්‍රීසි පේපරේ යැවූ ගුරා අත්අඩංගුවට
2024 මැයි මස 12 484 0

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්අප් හරහා බෙදා හැරි බව කියන ගුරුවරයෙක් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු
2024 මැයි මස 12 158 1

පොලිස් සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට
2024 මැයි මස 12 603 0

පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි


සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි
2024 මැයි මස 12 105 0

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 613 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2114 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1838 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site