IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ

(අංජුල මහික වීරරත්න)

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ගමනේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවද ජනාධිපතිවරයා කීය.

වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.

1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.

 



අදහස් (13)

රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ

කයියනායක Sunday, 28 April 2024 07:46 AM

මම හිතන්නේ මෙයාළඟ මොකක් හරි ලොකු පොතක් ඇති, එක එක රැස්වීමට, උත්සවයකට අනුව පවත්වන්න ඕනේ කතා ලියපු...!

:       1       9

ලුම්බිණි Sunday, 28 April 2024 08:22 AM

රටේ ලොකුම ප්‍රශ්නය ඒක තමයි. බොහෝ ප්‍රශ්න වලට පදනම දැම්මේ ජනාධ්පති ක්‍රමයයි.

:       2       9

SAM Sunday, 28 April 2024 08:50 AM

ඉන්දියානු ජනාධිපතිවරයකුව සිටි අබ්දුල් කලාම් මෙසේ කියා ඇත. විධායක ජනාධිපති ක්‍රමය නිසි අයුරින් පවත්වාගෙන යාමට නම් එම තනතුරට පත්වන පුද්ගලයා දේශපාලණීකරණය නොවිය යුතු සහ නීතියට යටත් විය යුතුවේ. වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම නම් විදෙස් රටවල සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ලංකාවේ ව්‍යාපාර අරඹා කිරීමට අවස්ථාව ලබාදීම සිදුකළ හැකිවේ. ඔවුන්ගේ නිෂ්පාදන එම රටවල පවතින් නීති සහ තත්වයන් මත එම රටවලට export කිරීමට පහසුවෙන් කළ හැකිවේ...

:       0       13

silva Sunday, 28 April 2024 10:08 AM

ඒක ඇත්ත.. ප්‍රශ්නේ තනතුර නොවේ.. තනතුර හොබවන්න සුදුසු පුද්ගලයෙක් රටේ නොමැති වීම... ජපන් හිටපු අගමැති කෙනෙකුට වගේ ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ බාරගන්න කිව්වා නම් බලාගන්න තිබ්බා. මේ තනතුරු නිසා මුළු රටක් ගොඩයන විදිහ..

:       1       26

Amal Roshantha Dayaratne Sunday, 28 April 2024 10:10 AM

සහතික ඇත්ත... !!! රට හමුවේ ඇති ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොව, එයට සහ දියවන්නාවට තේරී පත්වන පත්වන පුද්ගලයින් මුළු මහත් ලංකාවටම කරන විනාශයයි...!!!

:       0       31

NAMAL Sunday, 28 April 2024 10:33 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...

:       44       26

Vithana Sunday, 28 April 2024 11:24 AM

ජේවීපී එක සහ කොටි මේ රටේ ආර්ථිකය විනාශ කලේ ඔය එකක්වත් තිබිලා නෙවෙයි...

:       20       2

KASUN Sunday, 28 April 2024 11:35 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ධ කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදු කරයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු.

:       2       17

නිමල් Sunday, 28 April 2024 12:18 PM

ජනාධිපතිතුමාගෙ කෝට් එකනම් හරි පල්

:       0       3

Rata Perata Sunday, 28 April 2024 01:10 PM

වැරැද්ද තියෙන්නේ විධායක ක්‍රමයේ නොවේ... ඒකට පත්වන මිනිස්සුන්ගේ තියෙන නොහැකියාව... අපේ රටේ නායකයෝ හොඳයි... වැසිකිළි වළවල් බෙද බෙදා යන්න...!

:       0       7

DHARMATILEKE Sunday, 28 April 2024 02:40 PM

ක්‍රමයේ නෙවෙයි වැරැද්ද, කවුද ඒ පුටුවේ ඉඳගන්නේ කියලා උදාහරණයක් හැටියට ගන්නේ...‘‘ අයියෝ සිරිසේන...

:       0       3

සෙනෙවිරත්න Sunday, 28 April 2024 05:34 PM

විතාන, තමුන්නැහැලාගේ නොහැකියාව නිසා තමයි ජවිපෙ, කොටි බිහිවුනේ, ඔය මන්තරේ මැරෙනකන් මතුර මතුර ඉන්න. ඕවා වෙලා දැන් බොහෝකල්. තාජුදීන් මරලා සාක්ෂි නැති කලේත් ඔය විධායකය තමයි, නීතිය නැති රටක් කලේ ඔය ශාපය තමයි. ඕක නොතේරෙන්න නම් සෑහෙන්න මෝඩයෙක් වෙන්න ඕනෑ.

:       1       3

Perera Monday, 29 April 2024 07:08 AM

ලොකුම ප්‍රශ්නය ඔය නිලය දරණ පුද්ගලයා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා
2024 මැයි මස 11 355 0

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.


පොලිසියෙන් කට්ටි පනින්න ගිය යතුරුපැදිකරු අනතුරින් මරුට
2024 මැයි මස 11 142 0

යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී සැක යතුරු පැදියක් පිටුපස පොලිසිය ලුහුබදිමින් ගිය අවස්ථාවේ පොලිසිය මඟහැර යාමට උත්සහ කළ යතුරුපැදි කරුට යතුරු පැ


මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?
2024 මැයි මස 11 317 0

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .


සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 62 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 216 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 96 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 592 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2087 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site