(අංජුල මහික වීරරත්න)
යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මැල්සිරිපුර උමංදාව විහාරස්ථානයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් එහි සිදු කර ඇති කෘෂිකාර්මික කටයුතු නිරීක්ෂණය කළේය. දේශිය ද්‍රව්‍ය යොදාගෙන නව ආහාරපාන සැකසීම, නව කෘෂි තාක්ෂණය හා කාබනික වගාව විධිමත්ව කිරීම මගින් කෘෂි ක්ෂේත්‍රයේ අස්වනු වැඩි කර ගත හැකි ආකාරයද මෙහිදී සාකච්ඡා කර ඇත.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ලබන මහ කන්නයේ වගා කිරීමේදී රසායනික පොහොර හා කබනික පොහොර සියයට 70 හා 30 අනුපාතයෙන් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ට ලබා දීමටත් ඊට අමතරව කාබනික වගාවට යොමුවන ගොවීන් සඳහා පොහොර සනාධාරයක් ලබා දීමටත් රජය කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබෙි.
COMMENTS
උමන්දාවට යන්න.. ගොවිතැන ඉගෙන ගන්න..
සමන්තභද්‍ර හිමියන්ගෙන් කෘෂිකර්මය පිළිබඳ උපදෙස් ලබාගැනීම උචිතයි...!
උමංදාව සාර්ථක කෘෂිකර්ම භූමියක් නම් එහි අධිපති අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට පත්කරන්න බැරිද? එහෙම නැත්නම් කන්දෙගම මහතාගේ ගොවිපොලත් බලන්න. එහෙම බලා තිලක් කන්දෙගම මහතා උපදේශක කෙනෙක් කරන්න. ඔහු දන්නාදේ රටට ලබාදී රටේ සම්පත් ප්‍රයෝජනයට ගන්න. ඔහු කියන පරිදි දේශීය කෘෂිකර්ම තාක්ෂණයක් රටට දෙන්න.
ආයෙමත් අනාගන්න යනවා.
කෘෂිකර්මාන්තය පිළිබඳව මහාචාර්යවරු පසෙකලා වැරදි නිගමනවලට යාම ඉතාමත්ම අනතුරුදායකයි. කෘෂිකර්මාන්තය පිළිබඳ මහාචාර්යවරු එම කර්මාන්තය පිළිබඳ දීපු පුනරාවර්තන පසෙකලා තීන්දු තීරණ ගැනීමට යාමෙන් සිදු වූ විනාශය අවුරුදු දහයකටවත් නැවත හරි ගැස්සවීමට නොහැක. ඒ නිසා කෘෂි විද්‍යාඥයින් සමග සාකච්ඡා කරන්න...!
හොඳම වැඩක්...!
මේ ඇමැතිලාට ලැජ්ජාවක් නැද්ද? කෘෂි උපදේශකලාගේ ඇති වැඩේ මොකද්ද? වගාවක් පිළිබඳව මෙලෝ හසරක් දන්නේ නැද්ද ඔවුන්..? ඒකෙන් පේනවානේ දක්ෂ නිලධාරින් සුදුසු තැන්වල ඉන්නා බව...!