
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග කළේය.
ඒ පවුල් ආරවුලක් විසඳීමේදී බිරියගේ පාර්ශවයට වාසි සහගත ලෙස කටයුතු කරමින් ස්වාමියාට පහරදුන් බව කියන සිද්ධියකට කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා කුලියාපිටිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය කළේය.
සැකකාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්ට එරෙහිව අධිකරණයේ නීතිඥයන් රැසක් පෙනී සිට කරුණු දැක්වීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු උණකින් තමයි හිටියේ... දැන් බලුවෙලා. මිනිහා හිතාගෙන හිටියේ එයා ස්වයං රැකියාවක් කරන කෙනෙක්ය කියලා... මොකද මිනිහාට හිතුනේ නැහැ රජයේ සේවකයින්ට පඩි ගෙවන්නේ මහජන බදු මුදලින්ය කියලා. මෙහෙම උණෙන් ඉන්න අනිත් අයටත් මේවා පාඩම්...
නිතීඥවරු යනු වාසි පැත්තට හෝයියා කට්ටියයි. පොලිස් පරීක්ෂකගේ චරියාවට ඔවුන් කැමැති ඔවුන්ටද... ඒ වගේ වාසි ලැබෙන නිසායි.
මෙයාට විරුද්ධව අධිකරණයේ නීතීඥයෝ විශාල පිරිසක පෙනී සිටීමෙන්ම පේනවා මෙයා වැරැදි වැඩවලට කොපමණ ප්‍රසිද්ධ කෙනෙක්ද කියලා...?