IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට

(ගයාන් සූරියආරච්චි)

පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පොලිසියට අනුයුක්තව රාජකාරී සිදුකරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් නිලධාරී ලැයිස්තුවක් ලබාදී ඇති අතර එම ලැයිස්තුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හරහා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව එම ලයිස්තුගත නිලධාරීන් පිළිබදව විමර්ශන පවත්වා ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවද මනතුංග මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය භාවිත කරන තවත් නිලධාරීන් ගණනාවක් පිළිබදව විමර්ශන සිදුකරන බවත් එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් කිසිදු සමාවක් නොමැතිව දැඩි තීරණ ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 



අදහස් (3)

කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට

Jayantha Tuesday, 11 February 2025 08:06 PM

මොන දාහතක්ද පන්දහට වැඩිය ඉන්නවා

:       0       12

kumara Wednesday, 12 February 2025 07:40 AM

ඕකට බුද්ධි අංශ ඕනද? කෙස් ගස් ටිකක් විතරයි ඕන. විද්‍යාත්මකව පරීක්ෂණය කරන්න. නිකං බොරු සමයං! ඒක කරන්නේ නැතිව, අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණයක් නොකර, බයිලා කරනවා. අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණයක් කලොත් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් කරන්න, ඕකේ 70%ක් විතර ගෙදර. වැල් බයිලා.

:       0       3

රුවන් Thursday, 13 February 2025 12:26 PM

මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් දහසකට වඩා ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site