(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සුදු ලූනු ,අල,කජු,ගොරකා ,තක්කාලි,ගස්ලබු කොමඩු, කිරි අල,අන්නාසි ,මෑ කරල්,කජු ආදිය මෙලෙස ඩොලර් වැය කර ගෙන්වා තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ හිටියාට බොරුවට පම්පෝරි ගහන්න එපා යැයි ඇමතිවරුන්ට කියන බව පැවැසූ මන්ත්‍රීවරයා අමාත්‍යංශ වලට ජනපති වෙන් කළ මුදල් වලින් තමන්ගේ යුතුකම ඉටුකරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන්ට බාර දී තිබෙන කාර්ය සාධනය නිසි පරිදි කරන්නැයි කී විතානගේ මහතා එසේ නැතුව තවදුරටත් කිරි අල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදා වැඩක් නැතැයි කීය. මහ පොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට තියෙන ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නැතැයි කී විතානගේ මහතා කිරි අල ,මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට වෙත යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව බව කීය.
COMMENTS
ලංකාවේ සමහරක් මිනිස්සු ගෙදර වත්තේ ඉදී වැටෙන කොස් ගෙඩිය දෙල්ගෙඩිය කන්නේ නැහැ (එහෙම කරන්න කම්මැලිකමත් හේතුවක් වෙනවා) නගරයේ මිනිසුන්ට තමන්ගේ ගෙදර පොෂ් කියන්න පාරෙ තියෙන හාර්පික් මිශ්‍ර කොස් ගෙනැවිත් කනවා. අල්ලපු ගෙදර කොස් ගහක් තියෙනවා නම් ගහ කපන්න කියලා ඔවුන් සමග වලියට යනවා මේනිසා මෙහෙම අපරාධ කරන ආනයන කරුවන්ට වටිනාකමට සියයට දෙසීයක්වත් බද්දක් ගන්න ඕනෑ... ඒ සමගම ඔය කියපු ආහාර වර්ග ගෙන්වීම අයවැය මගින් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නීතියක් හදන්න ඕනෑ...
මේ කරන අපරාධ වලට මුන්ට හෙණගහන්න ඕනේ. මෙරට හැදෙයිද? කිරිඅල ගෙන්වන්නේ මොන බූරුවෝද? අපි ගෙදර වත්තේ වවාගෙන තිබෙනවා.
සමහර දේශපාලකයෝ රට හදන්න ගන්නේ රේගු ගාස්තු තමයි.. ඉතින් රටේ සල්ලි නොරට ගියොත් රේගු ගාස්තු ලැබෙනවනේ... සමහර මිනිස්සු රටදෙල් කන්න පෙරේතයි. ඉතින් රට දෙල්, රට කොස්, රට පුවක්, රට වම්බටු කියලා හැම එකම රටින්ම ගෙනත් කනවා. ඕවා ඉතින් ඉස්සර හිටපු රදළයෝ පුරුදු කරපු දේවල් නෙවෙයි කියන්න බැහැ...
මෙහෙම අපරාධ කරන්න ඉඩක් දෙන්නෙ නැහැ කියලා ජනාධිපතිවරණය සදහා සකසන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යමෙකු පොරොන්දු වෙනවා නම් එම ප්‍රතිපත්ති ප්‍රකාශය කල් ඇඇතුව කියවීමට සැලැස්වීම කරන කෙනෙකුට පමණක් ජනතාව තමන්ගෙ ඡන්දය පාවිච්චි කලොත් පමණයි මේ රට හදන්න පුළුවන් වෙන්නෙ මේක ජේආර්ට පෙර කාලයේ හදෙන් හාල් ගෙනත් දෙනවා (කිව්වත් ගෙදරින් කුඹුරට බත් ගෙනයාමට වත් දුන්නෙ නැහැ) කීමත් එවැනි අදහසක් තමයි, වියළි දන්ඩක් වුවත් පැලවෙන ලංකාවෙ වැවෙන කිසිම දෙයක් ව්දේශවලින් ගේන්න නොදී (ගෝඨාභය ඒ අතින් ඉතාමත් හොදයි ) වැවෙන ප්‍රදේශවලින් මිලට ගෙන බෙදාහැරීමට ක්‍රමයක් හදන්න ඕන එහෙම නැතුව කියව කියවා සිටීමෙන් වැඩක් වෙන්නෙ නැහැ
මම එහෙම නෙමෙයි කියලා කැපී පෙනෙන්ඩ කොහොම විවෙචනය කලත් අවසානයේ සේරම එකට . ඒ නිසා තේරුමක් නැ.