
(අමදෝරැ අමරජීව )
කින්නියා කුරුංජාන් කේණි ගොවිජන සේවා බල ප්‍රදේශයේ කොරොංගු පන්ජාන් තෘණ භූමියක වී වගාව මුල් කරගෙන ගව පට්ටිකරුවන් හා වී ගොවීන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස දෙවන වරටත් අද (03) මී ගවයන් හතර දෙනකු තියුණු ආයුධවලින් ඇන කපා කොටා දමා ඇතැයි කින්නියා පොලිසිය කියයි.
මී ගව පට්ටි හිමියකු වන කින්නියා, මහරුප් ග්‍රාමම් පදිංචි එම්.එස්.පරිස් නමැති අය අද (03) පස්වරුවේ පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තෘණ භූමියේ වී ගොවිතැන් කරන දෙදෙනකු බව අනාවරණයවේ.
මී ගව පට්ටි හිමිකරු පවසන්නේ තම පට්ටියේ මිගවයන් හතර දෙනෙකුට මෙලෙස තියුණු ආයුධ වලින් ඇණ කපා කොටා දමා ඇති අතර තවත් මී ගවයන් දෙදෙනෙකු ආගිය අතක් නැති බවයි.
මෙම තෘණ භූමියේ ගැටලුව කලක සිට පවතින අතර පසුගිය ඔක්තෝබර් මස 22 දිනද මේ ආකාරයටම මේ ගවයන් විසි දෙකකට පිහිවලින් සහ තියුණු ආයුධ වලින් ඇන කපා කොටා දමා තිබූණි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කින්නියා තවත් ගවයන් හතර දෙනකු කපා දමලා
H.T.Kusumapala Tuesday, 04 November 2025 01:53 AM
මෙම ම්ලේච්ඡ ක්‍රියාව සැබෑ මුස්ලිම්වරයෙකු කරන දෙයක් නොවන අතර, රජයේ නියෝජිතයාගේ සහාය ඇතිව මෙම ගැටලුව විසඳීමට පල්ලිය මැදිහත් විය යුතුය.
kasun Tuesday, 04 November 2025 02:52 AM
කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ
Senarath Tuesday, 04 November 2025 09:05 AM
ඇත්තටම මුන් මිනිස්සුද? මේ තිරිසන් සතුන්ට මෙහෙම අපරාධ කරන්නේ