IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෝතල් මූඩී බංකුවක් මරදානට

(යොහාන් භාසුර)

අක්‍රමවත් ලෙස බැහැර කළ ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ මරදාන දුම්රිය ස්ථානයේ මගී ආසනයක් නිර්මාණය කළහ.

එම විශ්වවිද්‍යාලයේ ZeroPlastic සමාජයේ, Community engagement avenue විසින් සංවිධානය කරනු ලබන Bloom Morph ව්‍යාපෘතිය මඟින් Katana Upcycl‍ ආයතනයේ ද සහයෝගය ඇතුව, මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව , මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් එම මගී ආසනය නිර්මාණය කර තිබේ.

පරිසර අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූ අතර එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ සුරතින් මරදාන දුම්රිය ස්ථානයේදී මගී ජනතාවගේ භාවිතය සදහා අද (5) විවෘත කළේය.

ශ්‍රී ලංකාව තුළ පවතින පොදු ප්‍රවාහන මාධ්‍ය අතරින් මගීහු විශාල ප්‍රමාණයක් දුම්රිය දෛනිකව භාවිතා කරනු ලබති. දුම්රිය භාවිතා කරන මගීන් අතුරෙන් බහුතරයක් දුම්රිය භාවිතය කරන විට තමන් භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් දුම්රිය මාර්ග ගවලට සහ දුම්රිය ස්ථාන වල අක්‍රමවත් ලෙස බැහැර කිරීම සුලභව දකිය හැකිය.

විශේෂයෙන් දුම්රිය මාර්ග දෙපස සහ ස්වභාව සෞන්දර්‍යයෙන් පිරි උඩරට දුම්රිය මාර්ගය වැනි සුන්දර පරිසර පද්ධතිවලට හානි ඇතිකරන සිදුවීමක් බවට වර්තමානයේ පත්ව තිබේ.

 



අදහස් (4)

කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෝතල් මූඩී බංකුවක් මරදානට

ලුම්බිණි Thursday, 06 November 2025 08:57 AM

බංකුවක් හයි කරපු එකත් විවුර්ත කරන්න ඕනද ?

:       5       12

eresh S kumara Thursday, 06 November 2025 10:25 AM

අගය කල යුතු වැඩක්

:       1       16

Bunny Preena Friday, 07 November 2025 10:01 AM

පීත්ත පටි කපන සම්ප්‍රදායෙන් ඉවත් වෙන්ට තවමත අමාරුයි වගේ

:       2       5

chinthana Friday, 14 November 2025 11:03 AM

මේකට දේශපාලකයන් සම්බන්ධ වෙලා නෑ. නිලධාරියෙක් විවෘත කළේ. ආණ්ඩු මාරුවෙලා ඇමැතිලා, මන්ත්‍රීලා මාරු වුණාට නිලධාරීන් මාරු වෙලා නෑ. එයාලා පරණ ක්‍රමයම පවත්වාගෙන යනවා. ඒකෙන් ඉවත් වෙන්නේ නෑ. පීත්ත පටි කපන්නේ ඒ නිසා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 460 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 462 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site