(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදන නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අද වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළේය.
සමගි ජන බලවේගයේ නායකත්වය අනවබෝධයෙන් සහ සාවද්‍ය ලෙස අර්ථ කථනය කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් කර තිබෙන්නේ යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ආදී සංගම් ක්‍රියා කරන ආකාරය ගැන ක්‍රිකට් ගැන නොදත් අය කටයුතු කරන ආකාරය ගැන සානුකම්පිත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විවේචන කරන යම් අයෙක් වේ නම් ඔහු විසින් පදනම් විරහිත චෝදනා කිරීමට පෙර බුද්ධිමත්ව අදාල කරුණු සලකා බලන ලෙස ඉල්ලන බවද ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කොට ඇතැයි විපක්ෂ නායක වරයා කීය.
ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රියා කරන බව තමා මීට පෙර ද වගකීමෙන් ප්‍රකාශ කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.