
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංසදය, වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වූයේ වෙළඳාම ව්‍යාප්ත කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සංචාරක සහයෝගිතාව යන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටෙහි ද්විපාර්ශ්වික ආර්ථිකමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමයි.
ඒ සඳහා නව මාවත් ගවේෂණය කිරීමට, ව්‍යාපාර අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය පහසු කිරීමට දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට මෙයින් අවස්ථාව උදා විය.
සංසදය අතරතුර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කරන ලදී.
වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) සහ වියට්ජෙට් එයාර් (VietJet Air) මගින් ක්‍රියාත්මක වන මෙමඟින් දෙරට අතර සහ දෙරටෙහි ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ජනපති කාර්යාලය පවසයි.
මෙම සංසදයේදී ප්‍රධාන සහයෝගිතා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබීම සිදු විය. මීට අමතරව, ලංකා වාණිජ මණ්ඩලය යටතේ ශ්‍රී ලංකා-වියට්නාම් ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීමද මෙහිදී සිදු වූ සුවිශේෂී සිදුවීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආර්ථිකය දියුණු නොවෙන්නේ, ජීවන වියදම අඩු නොවෙන්නේ, අපි ගහන විශාල තීරු බදු සහ අනෙකුත් බදු නිසා, දැන් ලංකාවේ ව්‍යාපාර වලින් විශාල ඍජු සහ වක්‍ර බදු ප්‍රමාණයක් අය කරන නිසා, රටේ ආර්ථික ප්‍රසාරණය මන්දගාමී වෙලා, මේ අය කරන බදු වලින් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ හැමදාම පාඩු ලබන ශ්‍රී ලන්කන් වැනි රජයේ ව්‍යාපාරවල පාඩු පියවීම, අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවකයන් නඩත්තු කිරීම වැනි නිෂ්පල දේවල් වලට , වියට්නාමේ මෙන් ජනතාවට හොඳ පොදු ප්‍රවහන් සේවයක් , හොඳ සවුක්ය සේවයක් දෙන්න මෙහේ පාලකයෝ කටයුතු කරන්නේ නැහැ.. අපේ පාලකයෝ වියට්නාමේ සංචාරය කළාට ජනතාවට අවශ්‍ය දේවල් නොවේ අධ්‍යයනය කරන්නේ, ඒ ගොල්ලන්ගේ ඔලුවේ තිබෙන්නේ කොමියුනිස්ට් මතවාදය වැනි බහුභූත...