IMG-LOGO

කළුතර දිසාවෙන් කොරෝනා මරණ 1033ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වයිරස ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි

වැඩිම මරණ සිදු වී ඇත්තේ පානදුර දකුණ පොලිස් වසමෙන් පුද්ගලයන් 124 දෙනකු මෙන්ම කළුතර දකුණ හා කළුතර උතුර පොලිස් වසම් වලින් පිළිවෙලින් පුද්ගලයන් 97 දෙනකු සහ 87 දෙනකු වසයෙන් බව එම වාර්තා සඳහන් කරයි

ඉකුත් අප්‍රේල් එක් වෙනි දින සිට මේ දක්වා කලුතර දිස්ත්‍රික්කයේ කලුතර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 16 න් පුද්ගලයන් 19609 කුට සහ පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 13 න් පුද්ගලයන් 14238 කුට කොරෝනා වයිරස ආසාධිත වි ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි

රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මෙන්ම නිවෙස් වල පුද්ගලයන් 13396 කු ප්‍රතිකාර ලබන බවත් පුද්ගලයන් 19418 සුවය ලබා ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි

 



අදහස් (0)

කළුතර දිසාවෙන් කොරෝනා මරණ 1033ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 654 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site