IMG-LOGO

කහ කිලෝ1,172ක් සමඟ දෙදෙනෙක් මන්නාරමෙන් අල්ලයි

( රොමේෂ් මධුෂංඛ)

ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ  1,172 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම  ශිලාවතුර සාවාරිපුරම් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සාවාරිපුරම් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් ලුහුබැඳ ගොස් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ උර 18 ක වියලි කහ කිලෝ 679 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු සමගින් ඩිංගි යාත්‍රාවද ඊයේ (9) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ .

තවද එම ප්‍රදේශයේ සිදුකරන ලද වැඩිදුර සෝදිසි කිරීමකදී අදාල යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ තවත් උර 13 කට අයත් වියලි කහ කිලෝ 493 ක් තිබී නාවික සෙබලුන් විසින් සොයාගන්නා ලදි.

මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවත් ඇති අතර සැකකරුවන් ශිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වයස්හි පසුවන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ශිලාවතුර පොලීසියට භාර දීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කහ කිලෝ1,172ක් සමඟ දෙදෙනෙක් මන්නාරමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site