IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් මරණවල ඉහළ යෑමක්: සෞඛ්‍ය අංශයෙන් පරීක්ෂණයක්

 

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය  සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය .

මෙලෙස මරණ ඉහළ  ගියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්  නිසා දැයි සොයා බලමින් සිටින බවද  හෙතෙම සඳහන් කළේය.

මරණ වැඩිවීම ගැන මේ මොහොතේ ස්ථිරව යමක් ප්‍රකාශ  කිරීම කල් වැඩි බවත් කොවිඩ්  මරණවල උච්චාවචනයන් සාමාන්‍යයෙන් සිදු විය හැකි බවත් ඔහු පැවසුවේය .

මේ පිළිබඳව සංවාදයක් ඇති කර ගැනීම වැදගත් බව පැවසූ හේරත් මහතා මෙම මරණ ගැන වසංගත රෝග විද්‍යා අංශය විශ්ලේෂණයක් කර වාර්තාවක් ලබා දෙනු ඇතැයිද  සඳහන් කළේය.

අප නොදැනුවත්ව රෝගීන්ගේ වැඩිවීමක් සිදු වුණා දැයි සැකයක් මතුවන බව විශේෂඥ වෛද්‍යවරයා  පැවසීය.

මේ තත්වය නිසා  සෑම කෙනෙකුම දැඩි කල්පනාවෙන් සිටිය යුතු බව හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (5)

කොවිඩ් මරණවල ඉහළ යෑමක්: සෞඛ්‍ය අංශයෙන් පරීක්ෂණයක්

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 26 October 2021 06:04 PM

දැන් හැමෝම හිතන්නෙ අර යුද්දෙ ඉවරවුනා වගේ කොරෝනත් වැක්සීන් එකෙන් පස්සෙ ඉවර උනා කියල... හැබැයි මටනම් හිතෙන්නෙ මිනිස්සු එහෙම හිතුවට... කොරෝනා එහෙම හිතන්නෙ නෑ කියලා... තැන... තැනින් පොදි... පොදි හමුවෙනව කියන්නෙ භයානක පෙරනිමිත්තක් කියලයි මට නම් හිතෙන්නෙ...

:       0       2

Asela Tuesday, 26 October 2021 06:23 PM

සෑම පුරවැසියෙක්ම ප්‍රමාණවත් තරම් බුද්ධිමත් නැත. ඒ නිසා තමයි රජය තියෙන්නේ නීති රීති හදන්න, ඒවා ක්‍රියාත්මක කරන්න.

:       0       3

මහසෙන් Tuesday, 26 October 2021 06:30 PM

පරීක්ෂණ මරණ වැඩී වීම නම් ඉලක්කම් එහෙට මෙහෙට කරලා අඩු කරන්න. ලෙඩ්ඩු වැඩී නම් පීසිආර් අඩු කරන්න මහත්තයෝ. ලෙඩේ ඉවරෙටම ඉවරයි කියලා පෙන්වන්න පුලුවන්. වසන්තය එනවා සත්තයි!!!

:       1       3

චන්දන Tuesday, 26 October 2021 06:33 PM

නොදැනුවත්ව රෝගීන් වැඩි වුනා නොවෙයි. දැනුවත් ව වැඩි වෙනවා. දෙසැම්බර් වෙනකොට ආයෙත් වෙන්න ඕන ටික වෙනවා

:       1       1

Ruwan Tuesday, 26 October 2021 11:35 PM

දැන්වත් කොරෝනා කියා කියා ඉන්නේ නැතුව එකත් එක්ක ජිවත් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31304 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site