IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කිලෝ මීටර් 64 ක් දිගට රුසියන් හමුදා සීරුවෙන්

යුක්රේනයත් රුසියාවත් අතර, බෙලරූස් දේශසීමාවේ, සාම කතා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්‍රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකාවට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී ඇති රුසියන් සන්නද්ධ රථ, යුද ටැංකි ආදිය දකින්න ලැබී ඇත්තේ ඔවුන්ගේ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකා ආධාරයෙනි. මේ අතර, කියෙව් අගනුවරට පහර දීමට සූදානමින්, දකුණුදිග බෙලරූසයේ රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සීරුවෙන් තබා ඇතැයි ද චන්ද්‍රිකා ඡායාරූප අනුව දකින්න ලැබෙන බව ඇමෙරිකාව පවසයි.

යුක්රේන නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතර සාම කතා බෙලරූස් රාජ්‍යයේ දේශසීමාවේ පැවැත්වූයේ බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙනි. ලුකෂෙන්කෝ යනු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.

බෙලරූසය පිහිටා ඇත්තේ යුක්රේනයේ උතුරු දෙසට මායිම් වෙමිනි. රුසියන් හමුදා කියෙව් අගනුවර ආක්‍රමණය සඳහා පැමිණෙන්නේ බෙලරූසය දෙසිනි. රුසියන් ජනාධිපති පුටින්ට, යුක්රේනය ආක්‍රමණය කිරීමට සහාය දැක්වීම හේතුවෙන් බටහිර රටවල් මේ වනවිට බෙලරූසයට ද සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. රුසියාවට මෙන්ම, බෙලරූසයට ද ජගත් ක්‍රීඩා තරඟ පවා තහනම් කර තිබේ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (3)

කිලෝ මීටර් 64 ක් දිගට රුසියන් හමුදා සීරුවෙන්

Ajith Wednesday, 02 March 2022 09:22 AM

ඩීසල් ගහගන්න පෝලිමේ ඉන්නේ...

:       2       32

Rohana Wednesday, 02 March 2022 12:23 PM

මෙයාලා යුද්ධ කරන්න පෝලිමේ... අපි ලංකාවේ ඩීසල් ගහන්න පෝලිමේ... සැපේ වෙනස කොහොමද?

:       2       68

චින්තක Wednesday, 02 March 2022 01:19 PM

එහි තියෙන්නේ කිමී 64 යි. බලන්න සකල සිරින් පිරි සිරි ලංකාවේ කිමී කීයක් පෝලිම් තියෙනවාද කියලා... ලංකාවේ මැතිවරණ ආසන 160නම් ආසනයක තෙල් පෝලිම කිමී එකක් ලෙසට ගත්තොත් එයම කිමී 160 වෙනවා.. ඉතින් තවමත් රුසියාව ලංකාවට පරාදයි. කොහොමද ලංකාවේ සෞභාග්‍යයේ තරම...?

:       3       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site