(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් අා කෙනෙක්දැයි සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය සුදුසු කමක් නැතැයි කීවා ය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.