IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

 

(චන්ද්‍රසේන ගමගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (19)

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

වික්‍රම විද්‍රර Saturday, 05 October 2024 03:08 PM

දැන් සැපද.. අල කෑවාද... ලූණු කීයද...? යුද්දෙ ඉවර කරලා හෙලිකොප්ටරෙන් ගිහිං කුඩ්ඩන්ව බදාගත්තා නම් බල තන්හාවෙන් රට මේ අගාධයට විදවපන්... මැරිලා ගියාම ඕනෑ නම් අවමගුලට එන්නම්... සමහර විට අවමගුලට විතරක් එලියට එන්න දේවි..

:       5       18

පිටිගල මිලානෝ Saturday, 05 October 2024 03:22 PM

විලි ලැජ්ජාවේ පණ යනවා..!

:       3       15

ගමිනි සෙනවි Saturday, 05 October 2024 03:44 PM

ඒ මනුස්සයා ඩයස්පොරා යාලුවෝ ඈවිල්ලා නැති කරලා දානකම්ම ඔය කෙනහිලි කරන්න… දුශ්ඨ හැත්ත...

:       9       10

Pradeep Kumara Saturday, 05 October 2024 04:26 PM

ඒ කියන්නේ මෙච්චර කාලයක් ඒ බිලත් ගෙවලා තියෙන්නේ අපිද? මොවුන්ව කොටියම කන්න එපායෑ.

:       5       18

pakeer Saturday, 05 October 2024 04:44 PM

විශාල කර්මාන්ත ශාලාවක් වත් තිබුණද තෙකලා විදුලිය දෙන්න...?

:       3       14

ගමේ එකාලා Saturday, 05 October 2024 04:51 PM

දූෂිත පව්ලේ අය හොරාකාලා, ගසාකාලා මහාපරිමාණයෙන් පරම්පරා ගාණකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු අය. ඕනෑ නම් පුද්ගලික වියදමින් කරගන්න වුණත් බැරිකමක් නැහැ...

:       4       12

mangala welarathne Saturday, 05 October 2024 05:02 PM

දැන් සනීපද?

:       4       9

Ananda Saturday, 05 October 2024 05:07 PM

Jvp පාදඩ නීතිය කරලියට එන්න වගේ. අපිට තේරෙනවා ලයිසන් තුවක්කු ඇතුළු හැමදේම බාරදෙන්න කිව්වේ ඇයි කියලා. JVP/NPP නොවන කිසිම කෙනෙකුට ජීවත්වීමේ අයිතිය නැතිකරන්න වගේ...

:       37       14

Sam Saturday, 05 October 2024 05:20 PM

කොහොමද මොවුන් කාලා තියෙන කෑම...? ඒකනේ වැටි වැටී ඡන්දය ඉල්ලන්න එන්නේ... තවම.

:       4       18

Laksitha Paris Saturday, 05 October 2024 06:04 PM

අපේ සල්ලි වලින් මොවුන් සැප අරගත්තා. මොවුන්ට වැහි නැති හෙන ගහනවා...

:       6       15

ආනන්ද Saturday, 05 October 2024 09:20 PM

යුධ බියෙන් සමස්ත රටම මුදවලා බලාගාර හදලා රටටම විදුලිය දුන් මිනිසාගේ දේපලේ විදුලිය විසන්ධි කරලා. අඳ, ගොළු, බිහිරි මිනිසුන්ට නොතේරෙන නඩු දෙවියන්ටම බාරවේවා...!

:       32       15

පිටරටවැසියා Saturday, 05 October 2024 09:49 PM

යකඩෝ... තෙකලා විදුලි රැහැන්ම තුනක්? මේ තැන ෆැක්ටරියක්ද, මෙච්චරට විදුලිය දෙන්න? සාමාන්‍ය ජනතාවට ඇතුළට තියෙන පාරකට විදුලි බුබුළක් දාගන්නත්, මණ්ඩලේට වඳින්න ඕනෑ... මුළු රටේම පැය 10-12 විදුලිය කපපු වකවානුවලත්, දියවන්නාවේ ඉන්න කට්ටිය ඉන්න ප්‍රදේශවලට නොකඩවා විදුලිය දුන්නේ මේ මන්ත්‍රී වරප්‍රසාද හින්දද? මොවුන්ව නඩත්තු කරන්න.., රටේ බදුගෙවන ජනතාවට කොහෙත්ම නැති වරප්‍රසාදනේ තිබිලා තියෙන්නේ?

:       4       19

priyanka Saturday, 05 October 2024 11:54 PM

ත්‍රී ෆේස් ලයින් තුනක් ඇදලා තිබ්බේ කර්මාන්ත ශාලාවක්ද තිබ්බේ?කොහොමද අවභාවිතාව...? අපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්...

:       3       13

Nandalal de Silva - France Sunday, 06 October 2024 01:00 AM

දැන් ඉතින් අප්පච්චිටත්, නාමල්ටත් ඉටිපන්දම් එළියෙන්ද ඡන්ද වැඩ කරන්න වෙන්නේ? පව් අප්පා...

:       4       13

රොහාන් ගෝමස් Sunday, 06 October 2024 07:36 AM

විය යුත්තේ එයයි. සෑම මිනිසාටම සම තැන...

:       4       14

Priyantha Dissanayake Sunday, 06 October 2024 09:10 AM

මෙවන් අක්‍රමිකතා පිළිබඳව අවධානය යොමුවූවාට වත්මන් පාලකයින්ට ස්තූති වන්ත වෙමි. මෙවන් බොහෝ අක්‍රමිකතාවන් මන්ත්‍රී, ඇමැති වලට මුවාවී ක්‍රියාත්මකයි. ඒ සියල්ල පිළිබඳව අවධානය යොමුකර වහා නතරකිරීමට කටයුතු කෙරේවා.

:       2       14

m. saman perera Sunday, 06 October 2024 11:00 AM

නියමයි සැමට එක නීතියක්...

:       3       14

Nandalal de Silva - France Sunday, 06 October 2024 04:39 PM

ඕවා නාමල් බේබිගෙ මගුල් ගෙදරට තාවකාලිකව නොමිලයේ ඇදපු වයර් වෙන්න බැරිද? සම්බන්ධ ගාස්තු ගෙවීම් කරාද? විදුලි බිල නම් නාම්බගේ අතිජාත ගජයෙක් ගෙව්වාලු... මුළු මුදලද, කොටසක්ද?

:       3       13

කුකුල් චමින්ද Monday, 07 October 2024 12:16 AM

ආනන්ද, බත්කන තවත් එක් කෙනෙක්. වරෙන් මං ගානේ බත් කටක් කවන්න !!!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 369 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16628 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 632 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site