
(චන්ද්‍රසේන ගමගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරනු ලැබීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද.. අල කෑවාද... ලූණු කීයද...? යුද්දෙ ඉවර කරලා හෙලිකොප්ටරෙන් ගිහිං කුඩ්ඩන්ව බදාගත්තා නම් බල තන්හාවෙන් රට මේ අගාධයට විදවපන්... මැරිලා ගියාම ඕනෑ නම් අවමගුලට එන්නම්... සමහර විට අවමගුලට විතරක් එලියට එන්න දේවි..
විලි ලැජ්ජාවේ පණ යනවා..!
ඒ මනුස්සයා ඩයස්පොරා යාලුවෝ ඈවිල්ලා නැති කරලා දානකම්ම ඔය කෙනහිලි කරන්න… දුශ්ඨ හැත්ත...
ඒ කියන්නේ මෙච්චර කාලයක් ඒ බිලත් ගෙවලා තියෙන්නේ අපිද? මොවුන්ව කොටියම කන්න එපායෑ.
විශාල කර්මාන්ත ශාලාවක් වත් තිබුණද තෙකලා විදුලිය දෙන්න...?
දූෂිත පව්ලේ අය හොරාකාලා, ගසාකාලා මහාපරිමාණයෙන් පරම්පරා ගාණකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු අය. ඕනෑ නම් පුද්ගලික වියදමින් කරගන්න වුණත් බැරිකමක් නැහැ...
දැන් සනීපද?
Jvp පාදඩ නීතිය කරලියට එන්න වගේ. අපිට තේරෙනවා ලයිසන් තුවක්කු ඇතුළු හැමදේම බාරදෙන්න කිව්වේ ඇයි කියලා. JVP/NPP නොවන කිසිම කෙනෙකුට ජීවත්වීමේ අයිතිය නැතිකරන්න වගේ...
කොහොමද මොවුන් කාලා තියෙන කෑම...? ඒකනේ වැටි වැටී ඡන්දය ඉල්ලන්න එන්නේ... තවම.
අපේ සල්ලි වලින් මොවුන් සැප අරගත්තා. මොවුන්ට වැහි නැති හෙන ගහනවා...
යුධ බියෙන් සමස්ත රටම මුදවලා බලාගාර හදලා රටටම විදුලිය දුන් මිනිසාගේ දේපලේ විදුලිය විසන්ධි කරලා. අඳ, ගොළු, බිහිරි මිනිසුන්ට නොතේරෙන නඩු දෙවියන්ටම බාරවේවා...!
යකඩෝ... තෙකලා විදුලි රැහැන්ම තුනක්? මේ තැන ෆැක්ටරියක්ද, මෙච්චරට විදුලිය දෙන්න? සාමාන්‍ය ජනතාවට ඇතුළට තියෙන පාරකට විදුලි බුබුළක් දාගන්නත්, මණ්ඩලේට වඳින්න ඕනෑ... මුළු රටේම පැය 10-12 විදුලිය කපපු වකවානුවලත්, දියවන්නාවේ ඉන්න කට්ටිය ඉන්න ප්‍රදේශවලට නොකඩවා විදුලිය දුන්නේ මේ මන්ත්‍රී වරප්‍රසාද හින්දද? මොවුන්ව නඩත්තු කරන්න.., රටේ බදුගෙවන ජනතාවට කොහෙත්ම නැති වරප්‍රසාදනේ තිබිලා තියෙන්නේ?
ත්‍රී ෆේස් ලයින් තුනක් ඇදලා තිබ්බේ කර්මාන්ත ශාලාවක්ද තිබ්බේ?කොහොමද අවභාවිතාව...? අපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්...
දැන් ඉතින් අප්පච්චිටත්, නාමල්ටත් ඉටිපන්දම් එළියෙන්ද ඡන්ද වැඩ කරන්න වෙන්නේ? පව් අප්පා...
විය යුත්තේ එයයි. සෑම මිනිසාටම සම තැන...
මෙවන් අක්‍රමිකතා පිළිබඳව අවධානය යොමුවූවාට වත්මන් පාලකයින්ට ස්තූති වන්ත වෙමි. මෙවන් බොහෝ අක්‍රමිකතාවන් මන්ත්‍රී, ඇමැති වලට මුවාවී ක්‍රියාත්මකයි. ඒ සියල්ල පිළිබඳව අවධානය යොමුකර වහා නතරකිරීමට කටයුතු කෙරේවා.
නියමයි සැමට එක නීතියක්...
ඕවා නාමල් බේබිගෙ මගුල් ගෙදරට තාවකාලිකව නොමිලයේ ඇදපු වයර් වෙන්න බැරිද? සම්බන්ධ ගාස්තු ගෙවීම් කරාද? විදුලි බිල නම් නාම්බගේ අතිජාත ගජයෙක් ගෙව්වාලු... මුළු මුදලද, කොටසක්ද?
ආනන්ද, බත්කන තවත් එක් කෙනෙක්. වරෙන් මං ගානේ බත් කටක් කවන්න !!!