IMG-LOGO

කොරෝ සමඟ රාජකාරියේ නිරත රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගමන් වියදම් ඇතුළු දීමනා

(අජන්ත කුමාර අගලකඩ )
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු  අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
 
ඒ සදහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කෘෂිකර්ම මහවැලි සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙද අමැති චමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
ග‍්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සදහා මෙම දීමනාව හිමිවන බව කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
 
මෙම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 450 ක්ද, වෙනත් වසමක වැඩ බලන්නේ නම් තවත් රුපියල් 150ක් සමග රුපියල් 600ක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 100ක් සහ ගමන් වියදම් ලෙස රුපියල් 1200ක් ද වශයෙන් අමතර දීමනාවක් හිමිවන බව ඇමැති ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම නිලධාරීන් කරන සේවය අගයමින් මෙම දීමනාව ගෙවන බවද අගමැතිවරයා පැවසීය.



අදහස් (5)

කොරෝ සමඟ රාජකාරියේ නිරත රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගමන් වියදම් ඇතුළු දීමනා

Pradeep Wednesday, 06 May 2020 01:38 PM

අවස්තානුකුලව ගත් වැදගත් තීරණයක්..

:       1       5

PK Wednesday, 06 May 2020 02:30 PM

එතකොට විවිධ අමාත්‍යංශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව වැඩකරන ක්ෂේත්‍ර නිලධාරින්ට හුළංද? වනිතා සංවර්ධන, සංස්කෘතික සංවර්ධන, සමාජසේවා, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් කොරෝනා මර්ධන ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධව වැඩකරනවා. ඔවුන්ව එම අත්‍යවශ්‍ය කාර්යයන් හි යොදවා ඇත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින්. ඒ අයට අනතුරක් නැද්ද? අනික ඒ අයගේ ආරක්ෂාවට නිසි ක්‍රමවේද අනුගමනය කරන බවක් පේන්නට ද නැහැ. ගෙවීමක් කරන අවස්ථාවක දී එක් පිරිසකට පමණක් ගෙවීම දීමනාවක් ගෙවීම කොතරම් අසාධාරණද? සීතල කාමරවලට වී සිටින නිලධාරීන්ගේ උපදෙස් මත තවමත් කටයුතු කරන බවක් මෙවැනි ක්‍රියාවන් හරහා පෙන්නුම් කරනවා.

:       26       228

thusharaThursday, 07 May 2020 04:32 AM

ඔබට තේරුම් ගැනීමේ දුර්වලකමක් තියෙනවා. අමාත්‍යාංශ වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ප්‍රවාහන පහසුකම්, දුරකථන පහසුකම් තියෙනවා. එහෙම පහසුකම් තියෙන ආයතන වලට මෙම දීමනාව අවශ්‍ය නැහැ.

:       1       0

Raveendra Wednesday, 06 May 2020 02:58 PM

බොහොම හොද තීරණයක්...

:       0       9

Prabathpremathilaka Thursday, 07 May 2020 03:57 AM

රුපියල් 1750 ලබා දී රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කර ඇත... අවධානම නොතකමින් කරන ලද රාජකාරි යට ලබාදී ඇති තක්සේරුව 1750 කි.

:       10       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 58 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site