( දිල්රුක්ෂි ග්‍රේරු)
මෝටර් රියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ගංජා කිලෝ 51 ග්‍රෑම් 836 ක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුර නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල සහ මීරිගම යන ප්‍රදේශයන්වල පදිංචි අවුරුදු 33 සහ34 යන වයසේ පසුව බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට බාර දී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කේරළ ගංජා සමඟ දෙකක් එස් ටී එෆ් දැලේ