(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල කොළඹ මාර්ගයයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරියක් හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට කඩා ගෙන යාමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට අද (3) බාධා සිදුව ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
කොළඹ සිට බදුල්ල සුපිරි වෙළදසැලකට ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් මෙසේ අනතරට පත් ව ඇති බව පොලිසිය කීය.
ලොරිය බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල පල්ලමේ ධාවනය වෙමින් තිබියදී එක් වරම ලොරියේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් පල්ලමේ ආ ලොරිය, රියදුරු විසින් දුම්රිය හරස් මාර්ගයට දමා නවතා ගෙන ඇති බවත් පොලිසිය සදහන් කලේය.
අනතුරින් ලොරියට අලාභහානි වී ඇති අතර රියදුරු රියසහයක තුවාල නොලබා බේරී ඇතයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා අලුයම 5.55ට ගමන් ආරම්භ කල පොඩි මැණිකේ දුම්රිය දැනට දියතලාව දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත්, උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය
දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති ලොරිය ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ඒ.ආර් පී අමරසිංහ පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාර්මික දෝෂකින් ලොරියක් දුම්රිය පාරේ යයි