(ටී.කේ.ජී. කපිල)
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් සොයා ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සදහා ජංගම රථ සේවයක් ක්‍රියාත්මක කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
සෞඛ්‍ය සේවකයන් විසින් අවම පිරිවැයක් යටතේ සාමාන්‍ය ගිලන් රථ අවශ්‍ය පරිදි වෙනස්කම් වලට ලක් කිරීමෙන් අනතුරුව මෙම ජංගම පරීක්ෂණාගාර රථ සකස් කර ගෙන ඇති අතර මෙම රථ තුළ සිටින පරීක්ෂණ නිලධාරීන්ට දැඩි අපහසුතාවයකින් තොරව වැඩි පැය ගනනාවක් සිය රාජකාරිය ඉටු කළ හැකි බවද ඈපා මහතා සදහන් කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණ නිලධාරීවරයෙකු පැය 06 ක පමණ කාළයක් මෙම ආරක්ෂිත ඇදුම් පැළද රාජකාරියේ යෙදී සිටියදී විඩාවට පත් වන නමුත්, මෙම රථය තුළදී එවැනි ඇදුම් එතරම් අවශ්‍ය නොවන බවත්, එම නිලධාරීන්ගේ දෑත් පමණක් එළියට නිරාවරණය වීම සිදුවන බවත්, ඒ සදහා විශේෂිත අත් වැසුම්, නිතර විශබීජහරණය කිරීමෙන් භාවිතා කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා රෝගීන් සොයා යන ජංගම පී.සී.ආර්. රථ සේවයක්
kamal Wednesday, 04 November 2020 07:16 AM
ඔක්කොම මන්ත්‍රීලාගේ මහජන පැජරෝ ටික 69 ලක්ෂයක ආශීර්වාද මැද්දේ මේ වැඩේට යොදාගන්න බැරිද?