අද පෙරවරු 9.00 න් අවසන් වූ පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86,432 ක් වී තිබේ. මෙතෙක් එක දිනයකදී ඉන්දියාවෙන් හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර මෙම රෝගීන් පිරිසත් සමගින් ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇත.
ගෙවී ගිය පැය 24 ක කාලයේදී රෝගීන් 1,089 ක් මිය ගොස් තිබේ.
මෙම නවතම අගයන් සමගම කොරෝනා රෝගීන් මිලියන 4 ක් (ලක්ෂ 40) පසු කළ ලෝකයේ තුන්වැනි රට බවට ඉන්දියාව පත්වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නවතම කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඉන්දියාවයි.
ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,023,179 ක් වන අතර එය ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතුරින් තුන්වැනි ස්ථානය ගෙන තිබේ. එක්සත් ජනපදයෙන් රෝගීන් මිලියන 6.3 කට වඩා වාර්තා වී ඇති අතර බ්‍රසීලයෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 4.1 කි.
කොරෝනා අර්බුදයෙන් පසුව ඉන්දීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් රජය විසින් සීමාවන් ලිහිල් කරමින් සිටින නමුත් ඉන්දියාවේ දිනයකදී වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000 ක් ඉක්මවා තිබේ. දෛනික මරණ සංඛ්‍යාවද 1,000 ට ඉක්මවයි.
එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට වඩා වේගයෙන් කොරෝනා රෝගීන් වාර්තා වූ ඉන්දියාවේ දින 13 ක් තුළදී රෝගීන් සංඛ්‍යාව මිලියන 3 සිට 4 දක්වා ඉහළ ගොස් තිබේ. එය එක්සත් ජනපදයේ සහ බ්‍රසීලයේ වාර්තා වූ වේගයට වැඩි වේගයකිනි.
වසංගතය දැන් ග්‍රාමීය ප්‍රදේශ හරහා ව්‍යාප්ත වී යමින් තිබේ. මෙම පළාත්වල සෞඛ්‍ය පහසුකම් ඉතා දුර්වල හෙයින් පැතිරීම වේගවත් වන අතරම වඩාත් ජනාකීර්ණ නගර වන දිල්ලිය සහ මුම්බායි වැනි විශාල නගරවලද තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරෙමින් තිබේ.
මුම්බායි නගරයද ඇතුළත් මහාරාෂ්ඨ ප්‍රාන්තය මාර්තු මාසයේදී අගුලු දමන ලදි. කෙසේ වෙතත් එය ඉන්දියාවේ රෝගය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වී තිබේ. කෝටි 130 ක් වන ඉන්දීය ජනගහණයෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ තවමත් වාර්තා වන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙනි.
ඉන්දියාවේ වසංගත ප්රවණතා සමීපව අනුගමනය කළ ආර්ථික විද්‍යා මහාචාර්යවරියක සහ හිටපු රජයේ උපදේශකවරියක වන ශමිකා රවී මහත්මිය කියා සිටියේ ඉන්දියාව “කොතැනකවත් උච්චතම ස්ථානයකට ආසන්න වී නැත” කියාය. කොරෝනා වෛරසයට එරෙහි ව්‍යාපාරයේදී මහාරාෂ්ට්රය “අවධානය” යොමු විය යුතු තැන බව ඇය කියා සිටින්නීය.
“මහාරාෂ්ට්‍රයේ පැතිරීම පාලනය නොකර කොවිඩ් -19 පාලනය කිරීමක් ගැන හිතන්නවත් බෑ ” යනුවෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ඉන්දියාවේ මිලියන 4 ඉක්මවයි