කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.
එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.
සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝෝලාම් හොසේන් මහතා පැවසීය.
මෙම සාපරාධී ක්‍රියාවේ වගකීම සහ මරණ හා පුද්ගල ජීවිතවලට හානි කිරීමේ වගකීම ඔවුන් භාරගත යුතු බව හෙතෙම සඳහන් කළේය.
මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානය පත්ව ඇති අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 62,589 ක් වේ.
වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 3,872 ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.
වයිරසයට නියමිත ඖධයක් මේ වන විට සොයගෙන නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීමට හේතුවන ඖෂධ සීමිත සංඛ්‍යාවක් පමණක් හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණි.
අඛණ්ඩව 7 වැනි දිනටත් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීම තුළ මෙම පියවර ගෙන තිබුණි
-226-
(ඩේලිමේල් ඇසුරෙනි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට
mangala Wednesday, 08 April 2020 12:34 PM
පන පිටින් ඉදපු මිනිස්සු මිසයිල් එකක් ගහල මැරුව නේද?
damithWednesday, 08 April 2020 02:10 PM
චීනය, ඉරානය, රුසියාව, උතුරු කොරියාව වගේ රටවල වෙන දේවල් කවුරුවත් දන්නේ නෑ