(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මියගිය කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු නොවූ පුද්ගලයෙකුගේ මළ සිරුර ද නිරෝධායන නීතියට අනුව හෝමාගම නියදගල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
මියගිය පුද්ගලයා කළුබෝවිල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම නිසා අදාල වාට්ටුවෙහි ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 21 දෙනෙකු ඉකුත් දා හෝමාගම රෝහල වෙත මාරු කර එවා තිබුණි.
පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ පළමු පරීක්ෂණයේදී අදාලා පුද්ගලයාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට වාර්තා වුව ද තවත් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට තිබියදී එම රෝගියා මියගොස් තිබේ.
මෙම රෝගියා ප‍්‍රතිකාර ලබන සමයේදී කොවිඩ් 19 බවට සැකකළ හැකි රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කර තිබූ හෙයින් මෙලෙස නිරෝධායන නීතිය අනුව අවසන් කටයුතු සිදු කරන ආකාරයෙන්ම අවසන් කටයුතු සිදු කර ආදාහනයට පියවර ගත් බවද වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදනය නොවූ අයෙකුගේ මළසිරුරක් නිරෝධායන නීතියට අනුව ආදාහනය කරයි
Aris Friday, 03 April 2020 08:17 PM
අපේ රටේ ළිං ජලය පාවිච්චි කරන නිසා කොහොම මැරුණත් ආදාහනය කිරීම සුදුසුයි.