
(රෝෂන් තුෂාර)
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරමින් නඩු පැවරීය.
නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගනිමින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබා දී රජයට පාඩුවක් සිදුකර යෝෂිත රාජපක්ෂයට වාසියක් සිදු කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා අටක් යටතේ මෙම නඩුව පැවරිය.
නඩුවේ පළමු විත්තිකරු ලෙස වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ නම් කර ඇති අතර දෙවැනි විත්තිකරු ලෙස යෝෂිත කනිෂ්ක රාජපක්ෂ නම් කර ඇත.
මෙම නඩුව සඳහා සාක්කි කරුවන් 25 දෙනකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47 ක ලේඛනයක් අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි රට බේරගත්ත කිව්ව නීල කාස හොරාගෙ පැටිගිරිය. තමන්ගෙ වරිගෙ ගොඩදාන්න තමන්ගෙ පුතා වෙනුවෙන් රටේ පවතින නීති පවා වෙනස්කල දුෂිතයෙක් මයින. කරන්නාගොඩට තිබුන මේ අනීතික වැඩය තමුන්ට කල නොහැකි බව කියන්න. අද කට්ටියම එකට මේ කල අපරාධවලට දඩුවම් විදිය යුතුයි
වරදක් කරල තියෙනවනම් අධිකරණයේ ඔප්පු වුනානම් ඉතින් ඳඩුවම් විඳින්න සිදුවෙයි.
මෙන්න යෝෂිත රණවිරුවාගෙන් පලිගන්නවෝ!
ඉතින් ප්‍රමාණවත් ශාක්ෂි තිබෙනවා නම් දෙන්නවම ඇතුලට අරන් නඩුව අහල ඉවර කරන්න පුළුවන් නේද , මේ යෝශිතට අර මුදල් විශුධි කරන නඩුවත් තිබෙනවා නේද ? මේගොල්ල රිමන්ඩ් කරන්නේ නැත්තේ කුමන හේතුවකටද ?
හොරු අල්ලන්න අවංක උවමනාවක් තියෙනවා නම් , ශ්‍රේෂ්ටධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සිමාව පමණක් වැඩි කරලා මදි , අලුත් විනිසුරු වරු 500 පමණ අලුතෙන් බදවාගෙන අදිකරණ ශාලා එකවර නඩු 3 -4 අහන්න පුළුවන් ආකාරයට නවීකරණය කර සහ පුළුල් කරගෙන , රසපරීක්ෂක දෙපරතමෙන්තුවට අවශ්‍ය සේවක පිරිස් බදවාගෙන , රසායනාගාර පහසුකම් පුළුල් කර ගන්න , නමුත් මේවා කරන්න තිය ආණ්ඩුව තවම සිතලවත් නැහැ ,
මේ අයට තමයි රට ආපහු බාරදෙන්න ඕනෑ.
මෙයට තව චෝදනාවක් එකතු කළ යුතුයි. නිසි පරිදි සුදුසුකම් සපුරා එංගලන්තයේ පුහුණුවට යාමට සිටි සෙබලාගේ මානව සහ මූලික අයිතිවාසිකම් කඩවීම...