IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුරුණෑගල රෝහලේ හදවත් සැත්කම් කඩිනමින් අරඹන්න යයි

(අංජුල මහික වීරරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සෞඛ්‍ය ලේකම්වරයා එම උපදෙස් ලබා දුන්නේ එම රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව ආරම්භ කිරීම සදහා එම ඒකකයට අවශ්‍ය වන ‍ ගොඩනැගිලි ශල්‍ය උපකරණ මෙන්ම අනෙකුත් වෛද්‍ය උපකරණ මේ වන විට ස්ථාපිත කරමින් පවතින බවත් රෝහලට අවශ්‍ය හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ද මේ වන විට රෝහලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවත් අමාත්‍යංශය පවසයි. මෙම ඒකකය දැඩි සත්කාර ඇදන් (ICU Beds) 06 කින්ද, ඉහල යැපුම් ඒකක (HDU Beds) ඇදන් දෙකකින්ද සමන්විත වේ. ශල්‍යාගාරය අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, ශල්‍ය ඇදන් දෙකකින් ද සමන්විත වේ. මෙහි එකවර ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමේ නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙහි පිරිමි හා කාන්තා ලෙස හෘද ප්‍රතිකාර වාට්ටු දෙකක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. එහි ඇදන් ධාරිතාවය 40 කි.

 



අදහස් (2)

කුරුණෑගල රෝහලේ හදවත් සැත්කම් කඩිනමින් අරඹන්න යයි

බද්රානි Monday, 04 November 2024 07:22 PM

ආ..මේ අර පහුගිය කාලේ පැලෝපීය නාල මිරිකනවා කියලා ඩෙඟා නටපු රෝහල නේද..? කෝ දැන් අර ඒ කාලේ රෝහල් අධ්‍යක්ෂක කියන තට්ටේ තියන කළු දොස්තර හාදයා... තව සින්දු කාරයෙකුත් හිටියා ෆේස් බුක් වීරයෙක්... ඔය ඔක්කොම කළේ රාජකාරියට වඩා දේශපාලන බැල මෙහෙවරකම් කරන එකයි. මම නම් හිතන්නේ දැන් ඕකුන් රටෙත් නැතිව ඇති කියලයි. ඕකුන්ව එලොවන්න ඕනෑ මේ රටෙනුත්.. වෛද්‍ය වුර්තියටත් නින්දාකළ දොස්රාචොලා බඩ පිනුම් ගහපු රෝහලක් මේක.

:       0       0

Kumudu Tuesday, 05 November 2024 10:18 AM

දොස්තරලා කැමති නෑ රජයේ රෝහල් වල සැත්කම් කරන්න . ප්‍රයිවට් කරලා ලාභ උපයන්න පුළුවන් නිසා . විෂබීජ කියලා මිනිස්සුන්ව බය කරනවා

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site