(රෝෂන් තුෂාර)

කුරුණෑගල මහනගර සභාවේ ටෙන්ඩරයක් ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තිහක අල්ලසක්  ඉල්ලා ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසම  මගින් අද (08) අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් අර්ශාදීන්  නමැති සැකකරු අල්ලස් මුදල් ලබා ගැනීමේදී  බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා සැකකරු විසින්  විසින් මෙම මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවද සඳහන් කෙරිණි.

සැකකරු සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන  මන්ත්‍රීවරයෙකි. සැකකරු අද(9) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිෂමේ ප්‍රකාශකයෙක් පැවසීය.