IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


කමලා හැරිස් පරාජය බාරගනී

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය. 

පරාජයෙන් පසු වොෂින්ටන් අගනුවර හාවඩ් විශ්ව විද්‍යාලයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් හමුවේ පෙනී සිටිමින්, ඇය ජාතිය ඇමතීමක් ද කළාය. එම අවස්ථාවේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් නොසතුටට පළ කළ හැරිස්, අවධාරණය කළේ සාමකාමී අයුරින් ට්‍රම්ප් සමඟ සුහඳ බල හුවමාරුවකට සූදානම් බවය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තමන් පිළිගන්නා නමුත්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ රටේ නීතිය වෙනුවෙන් දිගටම සටන් කරන බව ද හැරිස් අවධාරණය කළාය.

මැතිවරණ රැළිවලදී හැරිස්, ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් පැවැසුවේ, ට්‍රම්ප් යළි ඇමෙරිකාවේ ජනාධිපති වුවහොත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්වනු ඇති බවය.

60 හැවිරිදි හැරිස්, ජනපති සටනට එක් වූයේ, ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වුණු බැවිනි. බයිඩන් එසේ කළේ, ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.

ජනාධිපති බයිඩන්, ට්‍රම්ප්ට සුබ පතමින්, ධවල මන්දිරයේ හමුවකට පැමිණෙන්නැයි ඇරැයුම් කර ඇත. ජනාධිපති ධුරයට පත්වුණු ට්‍රම්ප්ගේ ජය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීම සිදුවන්නේ ලබන වසරේ ජනවාරියේ මාසයේය.



අදහස් (0)

කමලා හැරිස් පරාජය බාරගනී

ඔබේ අදහස් එවන්න

දියත

’’පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු මගේ ළඟත් තියෙනවා’’
2024 දෙසැම්බර් මස 04 215 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ජාජබ ප්‍රතිපත්ති පරස්පර විරෝධීයි
2024 දෙසැම්බර් මස 04 299 0

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


සිසුන්ට කන්න ගෙනා සහල්- පරිප්පු නරක් වෙලා
2024 දෙසැම්බර් මස 04 89 0

රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු


’’මේ ආණ්ඩුව හොඳයි වගේ’’
2024 දෙසැම්බර් මස 04 907 0

කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පා


ඊළම ප්‍රවර්ධනය කළ තරුණයාට ඇප
2024 දෙසැම්බර් මස 04 252 0

දෙමළ ඊළාම් මහවිරු සැමරුම ප්‍රවර්ධනය වන ආකාරයේ අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ පලකලේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම්


බාර් පර්මිට් ගත්තු ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට
2024 දෙසැම්බර් මස 04 915 1

බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැ


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 65 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 665 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 841 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site