IMG-LOGO

කමිටුව පත් කරන්න කතානායක ලියුම් යවයි


(සුජිත් හේවාජුලිගේ )

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශවවලට ලිඛිතව දැනුම්දී ඇත.

ස්ථාවර නියෝග අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයකුද ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් නම්  කෙරෙන වෘත්තිකයකුද  පත් කරනු ලැබිය යුතුව ඇත.

මේ අනුව මෙම කමිටුව ලබන සතියේදී සිය විමර්ශන කටයුතු ආරම්භ කරනු ඇතැයි දැනගන්නට ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා ඡන්ද 151  කින් සම්මත විය.

මෙම කමිටුව එම විමර්ශන අවසන් කිරීමෙන් පසු කතානායකවරයාට පූර්ණ  වාර්තාවක් බාර දීමට නියමිත අතර  එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව  පොලිස්පතිවරයා නෙරපා  හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායකවරයාට පසුගියදා  බාර දෙනු ලැබීය.

 
 



අදහස් (1)

කමිටුව පත් කරන්න කතානායක ලියුම් යවයි

prasanna Saturday, 12 April 2025 03:37 PM

නූඩ්ල්ස් පැකට් එක තැම්බෙන්න කළින් ඔය වැඩ ටික නිමාකරනවා. අපිට විශ්වාසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site