IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි

(ඩයනා උදයංගනී)

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

එම කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමේ උත්සවය කතානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පැවැත්විණි.

රජයේ ගිණුම් කාරක සභාව මීට වසර 96කට පෙර එනම් 1923 දී ආරම්භ වී ඇති අතර එය මාධ්‍ය වෙත විවෘත කෙරුණේ මුල්වරටය.

රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාවය සහ මූල්‍ය විනය සොයාබැලීම සඳහා 2015/2016 වසරවල ගිණුම් කටයුතු පරීක්ෂාව අද (21 )එහිදී සිදුවිය.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) රැස්වීම් ද ඉකුත් සතියේ සිට මාධ්‍යයට විවෘත කෙරිණි.

( ඡායාරූප චතුර එස් කොඩිකාර) 

 



අදහස් (2)

කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි

Bamunuarachchi Thursday, 22 August 2019 07:09 AM

"බදියුදීන්ට අත නොතබනු" මෙතනත් ඉන්නවනේ...

:       0       4

sharm warn Thursday, 22 August 2019 10:02 AM

මේ ගොල්ලෝ කාරක සභාවල වැඩේවත් හරියට කරනවද දන්නේ නැහැ. රටට නම් කරන මගුලක් නැහැ..

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1637 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site