
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලාල් එස් කුමාර)
සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමග රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් , එම ජීව උණ්ඩ 5 ක් ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් හා 9 එම් එම් වර්ගයේ උණ්ඩ 10 ක් කප්පම් ගැනීමට යොදා ගත් ජංගම දුරකථන 7 ක් සහ සිම්පත 5 ක් ද පොලිස් භාරය ගෙන ඇත.
පෑලියගොඩ මැනීන් මාකට් වෙළඳපොලේ එලවලු ව්‍යාපාරිකයකුට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද යනුවෙන් හඳුන්වමින් දුරකථනයෙන් ඇමතුම් ලබාදී රුපියල් ලක්ෂ 4 1/2 ක් කප්පම් මුදල් ඉල්ලා දින කීපයක් තිස්සේ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා විසින් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.